ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමාවට පත්වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 6කට ලකුණු 294ක් ලබාසිටියි. මේ අනුව බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 54ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාව සමත්වී සිටියි.
බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේදී පළමු හා දෙවන ඉණිම්වලදී ශතක 2ක් ලබාගත් කුමාර් සංගක්කාර අද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදීත් බංග්ලාදේශයට එරෙහිව සිය 33 වැනි ටෙස්ට් ශතකය ලබා ගැනීමට සමත් විය.සංගක්කාර ඒ සඳහා පන්දු 215ට මුහුණ දුන් අතර එම ලකුණු සංඛ්‍යාවට 4 පහර 8ක් අයත්ය.ඔහු ශ්‍රී ලංකාවේදී සහභාගි වූ ටෙස්ට් තරගවලදී අද ලකුණු 6000 සම්පූර්ණ කිරීම ද විශේෂත්වයක් විය. හෙට තරගයේ තුන්වැනි දිනයයි.
ලකුණු පුවරුව