නන් අයුරෙන් සිදුවන විවාහයන් පිළිබ්ද විවිධාකාර පුවත් ලොව සිවුකොනින් වාර්තා වේ. මේ පුවතද එවැන්නකි. නමුත්, මෙහි විශේෂත්වය වන්නේ දිගම වේල්පට, විශාලතම කේක් ගෙඩිය වැනි දේ නොවේ.දකුණු අපි‍්‍රකාවෙන් වාර්තා වන මෙම විවාහ මංගල්‍යෙයේ විශේෂත්වය වන්නේ එම විවාහය සිදුකිරීමට හේතුව මියගිය ආත්ම සතුටු කිරීමට වීමයි.මෙහි මනාලිය හෙලන් ශබන්ගු ය. ඇය 61 වියේ පසුවන විවාහක පස්දරු මවකි.
ඇගේ මනමාලයා වන සැනෙලි මසියෙලා 08 හැවිරිදි දරුවෙකි.මේ ආකාරයෙන් විවාහ වන ලෙස මසියෙලා ගේ සීයා මියයාමට පෙර ඔහුගෙන් ඉල්ලා ඇති බවත්, මියගිය ඥාතී ආත්ම සතුටු කිරීමට මෙම ඉල්ලීමට මසියෙලාගේ දෙමව්පියන් ද කැමැත්ත ලබා දී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.එසේ නොකළ හොත් මියගිය ඥාතී ආත්ම විසින් සිය පවුලට කරදරයක් සිදුකරනු ඇතැයි ඔවුන් ගේ අදහසයි.
ඒ අනුව, දෙමසක කාලයක් ඇතුළත දී එරට චාරිත්‍ර වලට අනුකූල මංගල්‍යයක් පවත්වා තිබෙන අතර, ඒ සදහා අමුත්තන් 100ක් පමණ සහභාගී වී තිබේ.මෙහිදී මනමාළ යුවළ විසින් මුදු හුවමාරු කරගත්තද විවාහ සහතිකයකට අත්සන් තැබීමක් මෙහිදී සිදුවී නොමැත.මෙම විවාහය පිළිබඳව බොහෝ විවේචන එල්ල වී තිබෙන නමුත්, මසියෙලාගේ දෙමාපියන් පවසන්නේ එය සාමාන්‍ය විවාහයක මෙන් එකට දිවිගෙවීමට වන නීත්‍යානුකූල බැඳීමක් නොව චාරිත්‍රානුකූල උත්සවයක් පමණක් වන බවයි.
මේ වන විට මනාල යුවළ යළිත් සිය සුපුරුදු ජීවිත වලට ගොස් ඇති බව විදෙස් වාර්තා දැක්වේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සැනෙලි මසියෙලා පවසා ඇත්තේ හෙලන් හා විවාහපත්වීම සතුටක් වුවද තමා යළිත් පාසැලට ගොස් ඉතා හොදින් ඉගෙනගන්නා බවත්, තමා වයසින් වැඩුනු පසුව සමවියේ පසුවන කාන්තාවක් හා විවාහ වන බවයි.
(ඡායාරූප : ඩේලිමේල්)