ශ්‍රී පාද ලෝක උරුම වනාන්තරයෙන් ශ්‍රී ලංකාවට ආවේණික නවතම ගෙම්බන් විශේෂ අටක් සොයා ගත් බව ප්‍රවීණ සත්ත්වවේදී මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා නිවේදනය කරයි.
සමනළ අඩවිය හෙවත් ශ්‍රීපාද ලෝක උරුම වනාන්තරය තුළ දිගු කලක සිට කරන ලද පර්යේෂණවල ප්‍රතිඵල ලෙස මෙලෙස එකවර ශ්‍රී ලංකාවට ආවේණික ගෙම්බන් වැඩි ප්‍රමාණයක් හඳුනා ගන්නට ලැබීම විද්‍යා ලෝකයේ ජයග්‍රහණයක් බව ද ඒ මහතා කියා සිටී.මෙම ගෙම්බන් විශේෂ අට Journal of THREATENED TAXA විද්‍යා ජර්නලයේ 2013 මාර්තු කලාපයේ (Vol-05-No-4-pages3789-3920)පළකර ඇත. මෙම ගෙම්බන් අටදෙනාම ප්සියුඩොපිලෝටස් ගණයට ඇතුළත් කර ඇත.
මෙම ගෙම්බන් අටදෙනා නම්කර ඇත්තේ පුරන්අප්පුගේ පඳුරු මැඩියා, දයාවංශගේ පඳුරු මැඩියා, සමරකෝන්ගේ පඳුරු මැඩියා, නිව්ටන් ජයවර්ධනගේ පඳුරු මැඩියා, සිරිල් විඡේසුන්දරගේ පඳුරු මැඩියා, බඹරදෙණියගේ පඳුරු මැඩියා, ජගත් ගුණවර්ධනගේ පඳුරු මැඩියා, කරුණාරත්නගේ පඳුරු මැඩියා ලෙසය. මෙම පරීක්ෂණ සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, ජපානයේ නගාඕ පරිසර පදනම හා ඩිල්මා කන්සර්වේෂන් ආයතනය මූල්‍යාධාර පිරිනමා ඇති අතර පර්යේෂණ සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා උරග සහ උභයජීවී පදනම විසිනි.
ජගත් කණහැරආරච්චි
පහත දැක්වෙන්නේ එම ගෙම්බෝ විශේෂ අටයි
Eight new species of Pseudophilautus (Anura, Rhacophoridae) from Sripada World Heritage Site (Peak Wilderness), a local amphibian hotspot in Sri Lanka