හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගයි ද අල්විස් මහතා අනුස්මරණය කිරීම සදහා, පැවැති ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයේ 1996 ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම ලකුණු 10ක තියුණු ජයක් වාර්තා කළේය.සිදත් වෙත්තමුනිගේ නායකත්වයෙන් යුත් එස්.එස්.සී. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායම ඔවුන් හමුවේ පරාජය විය.
තරගය පැවැත්වුණේ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයක් ලෙසය.අර්ජුන රණතුංග ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලෝක ක්‍රිකට් කිරුළ දිනාගෙන අදට වසර 17ක් සම්පූර්ණවීම ද විශේෂත්වයකි.එම ඵෙතිහාසික දිනය සිහිපත් කරමින් ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායම අද නැවතවරක් එස්.එස්.සී. පිටියේදි තරග බිමට පිවිසියේය.තරගයේ කාසිය දිනූ 96ලෝක ශූර කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේදි කඩුලු 4ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 154කි.
රොමේෂ් කළුවිතාරණ ලකුණු 42ක් ලබාගත් අතර නායක අර්ජුන රණතුංග ලකුණු 32ක් ලබාගැනීමට සමත් විය.පන්දු යැවීමේදි එස්.එස්.සී. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ කණ්ඩායමේ සංජීව රණතුංග ලකුණු 15ට කඩුලු 2ක් දවා ගත්තේය.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ එස්.එස්.සී. කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8කට රැස් කරගත හැකිවූයේ ලකුණු 148ක් පමණි.නුවන් සොයියා ලකුණු 32ක් රැස් කළ අතර, සිදත් වෙත්තමුණි ලකුණු 30ක් ලබා ගත්තේය.96ලෝක ශූර කණ්ඩායමේ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ලකුණු 36කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
මුත්තයියා මුරලිදරන් දවා ලකුණු 16ට කඩුලු 2ක් දවා ගත්තේය.
-NewsFirst-
1996 Champions win Guy de Alwis memorial match
17 වසරකට පෙර අද වැනි දවසක (17 March '96)