මන්ත්‍රිවරයෙක් කියලා පෙන්නන්න රන්ජන්ට ඕන වුණා - Anarkali Akarsha

කලා කටයුතුවලදී දේශපාලනය ගාවගන්න අය ඉන්නවද ...?
දේශපාලනෙන් ලොකු තනතුරු ගත්තම ඒ බලතල යොදාගෙන ලාභ ගන්න ගිහින් බාල විදියට හැසිරෙන අය ඕනතරම් ඉන්නවා.


මෑතකදි තිබුණ මුහුරත් උළෙලක් අතරතුරදී, රන්ජන් රාමනායක අතින් සිදු වුණෙත් එවැනි බාල හැසිරීමක්ද ...?
අපෝ ඔහුට රංගල ශිල්පීන් නෙවෙයි ඕනම කෙනෙක් එක වගෙයි. ඉතාම පහත් හැසිරීමක් තමයි කොතැනදිත් පෙන්නුම් කරන්නෙ. අඩුම තරමේ කතා කරන්නවත් ඉගෙන ගෙන නෑ.


ඇත්තටම මොකක්ද ඒ වෙලාවේ සිදුවුණේ...?
මාත් එක්ක රඟපාන්න බෑ කියලා මටත් හොඳටම අපහාස කරලා උත්සවයෙන් නැඟිටලා ගියා. නිකන් නෙවෙයි මාවත් තල්ලු කරගෙන ගියේ.



තල්ලු කළාද ...? එහෙම නැත්නම් ගියපු වේගෙට ඇඟේ හැපුණාද ...?
නෑ. නෑ. එයා ඇවිදගෙන ගියාද ඇඟේ හැපුණාද කියන දේ මම හොඳටම දන්නවා. එයා මාව තල්ලු කළා. තල්ලු කරලා එතැනින් ගියේ හරිම අසංවර විදියට.


තල්ලු කරපු වේගෙට අනර්කලී වැටුණද ...?
රන්ජන් මාව තල්ලු කළ බව ඇත්ත. හැබැයි මම වැටුණේ නම් නෑ. ඒ වෙලාවේ ඔහු මගෙන් වෙන මොකක් හරි තරහක් පිරිමහ ගත්තා.


මුහුරත් උළෙලට රන්ජන් සහභාගි වෙන බව දැනගෙන හිටියද ...?
ඔව්. මමයි එයයි තමයි ප්‍රධාන චරිත සඳහා තෝරගෙන තිබුණෙ. රන්ජන් හොඳටම දන්නවා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මුලින්ම තෝරගත්තේ මාව කියලා. මාව සම්බන්ධ කරගත්තට පස්සේ තමයි දෙවැනි වරට ඔහුට අවස්ථාව ලැබුණේ.


රන්ජන් ඔබත් සමඟ රංගනය ප්‍රතික්‍ෂේප කරනවා නේද ...?
මාත් එක්ක රඟපාන්න අකැමැතියි නම්, මේ නිර්මාණයේ ප්‍රධාන නිළිය මම කියලා දැනගෙනත් ඇයි මුහුරත් උත්සවේට ආවේ. නෑවිත් ඉන්න තිබුණ නේද...?


මේ සිද්ධිය වෙලාවෙ තව කවුද හිටියේ...?
ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් පවා ඇවිත් හිටියා. ඒත් ඒ ඇමැතිවරයා ආරක්ෂකයන්වත් අරගෙන ඇවිත් තිබුණේ නෑ. නමුත් රන්ජන් නම් ඇවිත් හිටියේ බොඩිගාඩ්ලා තුන්දෙනෙක් එක්ක. එහෙම ඇවිත් තමන් මන්ත්‍රිවරයෙක් කියලා පෙන්නන්න ඔහුට ඕන වුණා.


මේ අමනාපයට ඇත්තම හේතුව මොකක්ද ...?
දේශපාලනය කරපු පළියට ඒ බලය වැරැදියට පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නෑ. මොහු දේශපාලන බලපුළුවන්කාරකම් කලාව ඇතුළටත් ගේනවා. මගේ දේශපාලනයට විරුද්ධව තමයි ඔය වගේ ප්‍රශ්න ඇති කරන්නේ. මට තේරෙන්නේ නෑ ඇයි ඔහු මෙහෙම හැසිරෙන්නේ කියලා.


මේ තරම් ප්‍රශ්න තියාගෙන එකට රඟපාන්න නම් කොහොමටත් බෑ නේද...?
මට නම් එහෙම ප්‍රශ්න නෑ. මේ වෙනකොට මට ඉන්න ගොඩක් යාළුවෝ දේශපාලනයට සම්බන්ධයි. මට විපක්ෂනායකතුමා එක්ක වුණත් රඟපාන්න හැකියාව තියෙනවා.


ඒත් රන්ජන් නම් ඔබත් සමඟ රඟපෑමේ කිසිදු කැමැත්තක් නෑ ...?
මම එකම එක දෙයක් ඔහුට කියන්න කැමැතියි. එක එක දේශපාලන තනතුරු, බලය, ඔළුවට අරගෙන කටයුතු කළාට තේරුමක් නෑ. ඔය සියලුම තත්ත්වයන් තාවකාලිකයි. ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්නම් එච්චරයි. නිර්මාණයකට අපිව ගත්තේ අපි ඒකට සුදුසු නිසා. එහෙම තෝරාගත්ත පුද්ගලයන්ගේ රස්සාවල් අහිමි කරන්න, ඔවුන්ව අපහසුතාවයට පත් කරවන්න අපට අයිතියක් නෑ. රංගන ශිල්පියෝ හැටියට අපි නිර්මාණයක් ප්‍රතික්‍ෂේප කරනවා කියන්නේ අධ්‍යක්ෂවරයෙක්ගේ නිෂ්පාදකවරයෙක්ගේ රැකියාවට පහර ගසන එක.


ඔය කියන්නේ අනර්කලීට ආයෙත් රන්ජන් සමඟ රඟපාන්න අවශ්‍යයි කියලද...?
රංගනය කියන්නේ සම්පූර්ණ මවාපෑමක්නේ. අපි කරන්නේ රඟපෑමක්. තිරයෙදි පෙම්වතුන් වුණාට අපි ඇත්තටම ආදරය කරන්නෙ නැහැනේ. අපි දෙන්නා කසාද බදින්න ඉන්න දෙන්නෙකුත් නෙවෙයි.


අනර්කලී නිතර ප්‍රශ්න ඇති කරගන්න කෙනෙක් කියන්නේ ඇත්තද ...?
රන්ජන් කියනවා නම් මම ප්‍රශ්න ඇති කරනවා කියලා. ඔහුට මම කියනවා මට වඩා ප්‍රශ්න ඔහු ළඟ තියෙනවා කියලා. රන්ජන් මට වඩා ගොඩාාාා...ක් වයසයි. ඒ නිසා එයා ළඟ මට වඩා ගොඩාාාා...ක් ප්‍රශ්න තියෙනවා. දැන්ම ඒ වැරැදි හදාගත්තොත් වැඩිහිටියෙක් නිසා අපිටත් ඔහුව ආදර්ශයට ගන්න පුළුවන්.



 අනර්කලීගෙ ජායාරූපය එකතුවක් මෙතනින්  

Gossip Lanka Hot News Previous News Archive