" අනිත්‍යා " අද සිට රිදී තිරයේ – Anithya Sinhala Movie

"අනිත්‍යා" නාලක විතානගේ ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන අනිත්‍යා අද  සිට එම්. පී.අයි.මණ්ඩලයේ සිනමා ශාලාවලදී තිරගතවේ.
2004 වසරේ " ද ඩොන්ට් ඩ්‍රෙස් ෆෝ ඩිනර්" නම් වූ බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි නාට්‍යය ඇසුරින් බන්දුල විතනාගේ සැකසූ සිංහල අනුවර්තනයක් " රාත්‍රී භෝජනය" නමින් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන එමින් නාට්‍ය කලාවට පිවිසි නාලක විතානගේ, බ්‍රිතාන්‍යයේ ඉංග්‍රිසි ප්‍රහසනවල අඩංගු සුවිශේෂ ලක්ෂණවලට දැඩි ඇල්මක් දක්වන තරුණ නිර්මාණකරුවෙකි, එම නාට්‍ය ශෛලිය පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ හෙතෙම එහි ආකර්ෂණීය ලක්ෂණ ඇතුළත් සිංහල ස්වතන්ත්‍ර පිටපතන් "කාසිමල්ල " නමින් තම දෙවන නිෂ්පාදනය ලෙස රංගගත කළේ තවත් පියවරක් ඉදිරියට තබමිනි.ඉන් පසු එළැඹි කාලය තුළ රූපවාහිනී නාට්‍ය නිර්මාණකරනයට යොමුවුණු හේ එම ක්ෂේත්‍රය වෙත දැඩි අවධානයක් සහ කාලයක් යොමු කළේය.

නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ "දෙකොන ගිනි" ,"අයි ලව් ජෙනී", "අල්ලපු ගෙදර" ස්වර්ණවාහිනියේ විකාශය වූ අතර, "මයි ස්විට් ස්ටැන්ලි" මැක්ස් ටී.වී.හී විකාශය විය.2009 වසරේ මැද භාගයේදී "උපන් දා මරණය "නමින් වේදිකාවට තිළිණ කළ නාට්‍යය මේ වන විට "බ්‍රේකිං නිව්ස්" නමින් වේදිකා ගත වේ.

"අනිත්‍යා" නාලකගේ කුලුඳුල් සිනමා නිර්මාණයයි. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය" රූපාන්තරණ" ලෙස නම් කොට තිබේ.

ආරාධිත රඟන ශිල්පීන් - සංගීතා විරරත්න, රොජර් සෙනෙවිරත්න,බන්දුල විතානගේ
ප්‍රධාන රංගන ශිල්පින් මැණික් විජේවර්ධන,විශ්ව ලංකා, කිෂානි අලංකා පෙරේරා, උදිත් අබේරත්න
සංකල්පය, තිර රචනය සහ අධ්‍යක්ෂණය - නාලක විතානගේ
ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය- පී. බාලසූරිය
සංස්කරණය - ඒෂාන් මොටාගෙදර
අංග රචනය - නිමල් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය - රෝහණ හේවාවිතාරණ
ගීත රචනා සහ තනු - මලික් පෙරේරා
පසුබිම් සංගීතය - බුද්ධික ශ්‍රී කහවල, මධුෂාන් ෆොන්සේකා,මංගල ෆොන්සේකා
සහාය අධ්‍යක්ෂණය- කීර්ති රුවන්
නිෂ්පාදන කළමනාකරු - බුද්ධික ඉරෝෂන්
විශේෂ නිෂ්පාදන දායකත්වය - සම්පත් ජයසුන්දර, සුජිත් දොලමුලගේ,උදාර විදානගමගේ.
සම නිෂ්පාදනය - හරේන් නාගොඩවිතාන, චින්තක රණවීර,නුවන් වැලිවිට
විධායක නිෂ්පාදනය - ෂදිශ් පතිරණ
නිෂ්පාදන සම්බන්ධිකරණය - බුද්ධිකා දර්ශනී




තවත් අනිත්‍යා චිත්‍රපටයේ සේයා රූ  බලන්න  මෙතනින්

Gossip Lanka Hot News Previous News Archive