කැසිනෝ රජා ලංකාවට - Australian Casino King, billionaire James Packer, is expected to arrive in Sri Lanka

'කැසිනෝ රජා' ලෙස ප්‍රකට ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන 'ක්‍රවුන් කැසිනෝ' සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජේම්ස් පැකර් මහතා ලබන 27 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.

කොළඹ, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි දැවැන්ත රථ ගාල එම ස්ථානයෙන් ඉවත් කර එහි දැවැන්ත කැසිනෝ මන්දිරයක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් මෙර ප්‍රබල පුද්ගලියන් සමග අවසන් සාකච්ඡාව පැවැත්වීම සඳහා අදාළ ප්‍රධානියා පැමිණෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මේ ව්‍යාපාර සමුහය ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක විශාල ප්‍රමාණයේ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යයි.
මීට පෙර ජේම්ස් පැකර් මහතා ලංකාවට පැමිණ අදාල කැසිනෝ මන්දිරය ඉදිකිරිම සම්බන්දයෙන් මෙරට ප්‍රබල පුද්ගලයන් සමග සාකච්චා තිබින.අදාල විශ්වාස කටයුතු ආරංචි මාර්ග වැඩිදුරත් අනාවරණය කරන ආකාරයට ලබන වසර මුලදී මේ කැසිනෝ මන්දිරය මූලික ඉදිකිරීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

      ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක වත්කමක් ඇති 45 හැවිරිදි ෙජ්ම්ස් පැකර් ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු වන අතර ෆෝබ්ස් සගරාවට අනුව එරට ධනවත්ම පුද්ගලයින් අතර 4 වැනියාය. මෙල්බර්න් නුවර හා පර්ත්හි ඔහුට අයත් විශාල පරිමාණ සූදු සංකීර්ණ පිහිටුවා තිඛෙන අතර ඔහු ඇමරිකාවේ ලාස්වේගාස් සූදු වෙළෙඳපොළටද ඇතුළුවී සිටින්නෙකි. ඔහු ලංකාවේ සූදු පොළක් අරඹන්නට තීරණය කර ඇත්තේ ආසියානු හා මැදපෙරදිග වෙළෙඳපොළ අල්ලන්නට ලංකාව පහසු කේනද්‍රස්ථානයක් ලෙස කල්පණා කළ නිසාය.

Gossip Lanka Hot News Previous News Archive