Pages

මට බැරිනම් ශක්‍රයාටවත් බැහැ - Bandula Gunawardane

තමාගේ අධ්‍යාපන ධුර කාලයේදීම මහින්ද චින්තන දැක්මට අනුව වර්තමාන ලෝකයටත්, රටටත් ගැළපෙන ආකාරයේ නව අධ්‍යාපන ක්‍රමවේදයක් උරුමකර දීමට නොහැකි වුවහොත් ඉදිරියේදී එය මොනම ශක්‍රයාටවත් කළ නොහැකි බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි.

"පොල්ගෙඩි 8ක් සොරකම් කළ අසරණ පාසල් දැරියගේ කතාව අරගෙන සමහරක් දෙනා අපට පහර ගහන්න පාරට බැස්සා. නමුත් එවන් අසරණ දරුවන් ලක්‍ෂ 05ක් පමණ අපේ රටේ පාසල්වල ඉගෙනුම ලබනවා." යැයිද ඒ මහතා පවසයි.

"අපේ රටේ විශ්වවිද්‍යාල සඳහා සමත්වන දරුවන් දෙස බැලූවිට විද්‍යා අංශයෙන් 21%, වාණිජ අංශයෙන් 27%, ඉතිරි 52%ට කලා අංශයෙන්. මේ අනුව රටේ තියෙන රැකියා අවස්ථාවලට උගතුන් නැහැ. ලබාගත් උගත්කමට රැකියා අවස්ථාවන් නැහැ. රැකියා නොමැති උගතුන් රැකියා ඉල්ලලා පාරට බහිනවා.
අපිත් ඒ අයගෙන් බේරෙන්න යම් යම් රැකියා අවස්ථා ලබා දීම කරනවා. ඒත් මේ කටයුත්ත දිගින් දිගටම කරන්න පුළුවන්කමක් රජයකට නැහැ." යනුවෙන්ද ඇමතිවරයා ප්‍රකාශ කරයි.


ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 2011 ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වෙමිණි. කෙසේ නමුත් බන්දුල ගුණවර්ධන ඇමතිවරයා වෙළෙඳ ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේ නම් පැවසූවේ "බඩු මිල අඩු කිරීමට මට තියා ශක්‍රයාටවත් බැහැ" යනුවෙණි.