බංගලාදේශයෙන් වාර්තා පිට වාර්තා - Bangladesh 638 all out

ශී‍්‍ර ලංකාව හා බංගලාදේශය අතර පැවැත්වෙන පළමුවෙනි ටෙස්ට් තරඟය මේ වන විට ගාල්ලේ දී පැවැත්වේ.බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් කි‍්‍රකට් තරඟයක පළවෙනි ඉනිමේ දී රටකට එරෙහිව වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව අද ශී‍්‍ර ලංකාවට එරෙහිව වාර්තා කරන ලදී. බංගලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමේදී සියලූ දෙනා දැවී ලකුණු 638ක් ලබා ගනිමින් මෙම වාර්තාව තැබීමට සමත් විය.

අගනා ඉනිමක් කී‍්‍රඩා කළ මුෂ්ෆිකර් රහීම් ද්විත්ව ශතකයක් රැස් කළ අතර මොහොමඞ් අෂ්රෆුල් ලකුනු 190ක් හා නසීර් හුසේන් ශතකයක් රැස් කර ගැනීමට සමත් විය. ශී‍්‍ර ලංකාව පළමු ඉනිම කී‍්‍රඩා කරමින් කඩුළු හතරක් දැවී ලකුණු 570ක් ලබා තිබියදී බංගලාදේශ කණ්ඩායමට කී‍්‍රඩා පිටියට පිවිසීමට ආරාධන කරන ලදී.පන්දු යැවීමේදී නුවන් කුලසේකර, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, තිලකරත්න ඩිල්ෂාන් හා ශමින්ද එරංග කඩුලු 2 බැගින් බිඳ දමන ලදී.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා පළමු ඉණිමේදී ලකුණු 68ක් ඉදිරියෙන් සිටින අතර හෙට තරගයේ අවසාන දිනයයි.

 ලකුණු පුවරුව


Gossip Lanka Hot News Previous News Archive