ශ්‍රී ලංකා රජයට එරෙහිව, තමිල්නාඩුව ආශ්‍රිතව දැනට මතුව ඇති විරෝධය හේතුවෙන් එරට අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ මෙන්ම, භික්ෂූන්වහන්සේලාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළුවක් මතුවී ඇති බවත්, ඒ පිළිබඳව බලධාරීන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සංවිධානය අවධානයෙන් පසුවන බවත් 'රාවණා බලය' සංවිධානය පවසයි.
එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් කියා සිටියේ, එරට සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට ඉදිරියේදී ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක මතුව ඇති බවයි.
එසේම, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්
මන්ත්‍රීවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ජිනීවා නගරයට ගොස්, ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්වීමෙන් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව 'රාවණා බලය' සංවිධානය පෙන්වා දුන්නේය.
එම දෙමල මන්ත්‍රීවරුන් රටට එරෙහිව ජීනීවා නගරයේදී අදහස් දක්වා ඇති බැවින් කතානායකවරයා ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව තම සංවිධානය අවධියෙන් සිටින බවද පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කළේය.