පාසැල් සිසුන් දෙදෙනෙකු ඇතුලු තරුණයින් තිදෙනෙකු විසින් තරුණියක දූෂණය කොට මීරිගම, තවලම්පිටිය පොදු සුසාන භූමිය ඉදිරිපිට පාළු ළිඳකට දමා ගොස් තිබියදී මීරිගම පොලිසිය මැදිහත්වී තරුණිය බේරා ගෙන වෛද්‍ය පරික්ෂණයක් සඳහා මීරිගම රෝහලට ඇතුලත් කොට ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකාර පාසැල් සිසුන් දෙදෙනා ඇතුළු තරුණයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවු 19 – 21 අතර වයස් සීමාවල පසුවන්නන් වන අතර අගතියට පත් තරුණිය වයස 24 ක් වන බවද පොලිසිය කියයි. දූෂණයට ලක්වූවා යැයි කියන තරුණිය ඊයේ (10) පස්යාල ප්‍රදේශයේ සිය නිවසේ සිටියදී එහි ගිය තරුණයන් දෙදෙනකු මෙකී තරුණිය කැඳවා ගෙන තවලම්පිටිය ප්‍රදේශයට රැගෙන ගොස් අනෙක් තරුණයාටද කථා කොට තිදෙනාම එක්ව දූෂණය කිරීමෙන් අනතුරුව එම ස්ථානයේ පාළු ළිඳකට දමා පලා ගොස් ඇති බවට පොලිස් පරික්ෂණයේ දී තොරතුරු අනාවරණය විය.
ළිදේ අතරමංවී ගොඩ ඒමට හැකියාවක් නොමැතිව සිටි තරුණිය තම ජංගම දුරකථනයෙන් සිය සොහොයුරාට කතා කොට තරුණයින් තිදෙනෙක් තමන් දූෂණය කොට ජලය නොමැති පාළු ළිඳකට දැමූ බවත්, පැමිණ ගොඩට ගන්නා ලෙසත් පවසා ඇත. පසුව එකී ළිඳ පිහිටි ප්‍රදේශය ගැන තොරතුරු සොයා ගැනීමෙන් පසුව තම පියා සමඟ සොහොයුරා මීරිගම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසියේ නිලධාරින් පිරිසක් අලුයම 4.00 ට පමණ එම ස්ථානයට ගොස් තරුණිය ගොඩට ගෙන ඇත.
තරුණියගේ ජංගම දුරකථනයද පරික්ෂා කිරීමෙන් පසුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී අනෙක් සැකකකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. එක් සැකකරුවෙකුගේ ජංගම දුරකථනය ගෙන එහි එස්.එම්.එස්. පණිවිඩ පරික්ෂා කිරීමේදී රුපියල් 300 ක ගංජා රැගෙන එන ලෙස තවත් සැකකරුවෙකුට එස්.එම්.එස් පණිවිඩ යවා තිබෙන අයුරු එහි සඳහන්ව තිබූ බවද පොලිස් පරික්ෂක එච්.බී. පත්මසිරි මහතා පැවසීය. අත්අඩංගුවට පත් සැකකරුවන් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මීරිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.
රංජිත් රෝහණ - මීරිගම
Lakbima