රුහුණේ හා උෟවේ ඉඩම් මේ වන විට විශාල ලෙස මිල ගණන් ඉහළ ගොස් ඇත. මත්තල ගුවන් තොටුපොළ ඉදිවීමත් සමඟ කතරගම, තිස්සමහාරාම, හම්බන්තොට ප්‍රදේශයේ ඉඩම්වල හෝටල් ඉදිකිරීමට විශාල ලෙස මේ වන විට මිලදී ගනිමින් පවතී.
මත්තල ගුවන් තොටුපොළ වෙත සේවා සැපැයීමේ දිස්ත්‍රික්කයක් ලෙස මොනරාගල දිස්ත්‍රික්කය කේන්ද්‍රස්ථානය කරගනිමින් සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමටත්, යාල, කතරගම, උඩවලව වන උද්‍යාන, දියලුම ඇල්ල, රාවණා ඇල්ල, බූන්දල කුරුලු උයන ඇතුළු ස්ථාන පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට පහසුකම් ඇති කර ගමේ ගොවියාගේ පලතුරු, එළවළු ඇතුළු නිෂ්පාදන අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවත් දැනගන්නට ඇත.
අම්පාර අරුගම්බේ ප්‍රදේශයේ සිරි නැරඹීමට මේ වන විට විශාල ලෙසම සංචාරකයන් පැමිණෙන අතර සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග ඉලක්ක කර සංචාරක හෝටල් ඉදිකිරීමට විවිධ පුද්ගලයන් මේ වන විට ක්‍රියා කර ඇත.
කතරගම ප්‍රදේශයේ රුපියල් ලක්‍ෂ 16කට විකිණීමට තිබූ ඉඩමක් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් රුපියල් ලක්‍ෂ 44කට මිලදී ගෙන ඇත.
කතරගම - එන්. කළුආරච්චි