එයාර් ඇරබියා මත්තලට ගුවන්සේවා අරඹයි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ එයාර් ඇරබියා සහනදායී ගුවන් සේවය මාර්තු 18 වැනිදා සිට මෙරට දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළ වන හම්බන්තොට, මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළට මගී ප්‍රවාහන කටයුතු අරඹන බව වාර්තා වේ.

එයාර් ඇරබියා ගුවන්සේවයේ තොරතුරු අනුව අබුඩාබි, සාජා අන්තර්ජාතික ගුවන්තොටුපළින් උදෑසන 5.30ට පිටත්වන ගුවන් යානය පෙරවරු 11.50ට මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළට ළඟාවීමට නියමිතව තිබේ. එම ගමන් වාරයේ දී රුපියල් 14125.00ක් වැනි සහන මිලකට ලංකාවට පැමිණීමට මඟින්ට අවස්ථාව ලබා දී තිබේ.එදිනම පස්වරු 1.50ට මත්තල සිට ගමන් අරඹන යානය පස්වරු 5.00ට සාජා වෙත ළඟා වීමට නියමිතය. එදින මත්තල සිට සාජා දක්වා සහන මිලකට ගමන් කිරීමට හැකි බව ගුවන් සමාගම පවසයි.

ඉන්පසු සතියේ ඉරිදා සහ බ්‍රහස්පතින්දා දිනයන්හි සාජා සිට මත්තල ගුවන්තොටුපළටත් මත්තල සිට සාජා දක්වාත් ගුවන් ගමන් වාර ක‍්‍රියාත්මක කිරිමට නියමිතය.එයාර් ඇරබියා ගුවන් සේවය මේ වන විට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට මගී ප්‍රවාහන සේවා කටයුතු සිදුකරයි.
 

-සබැදි පුවත්- 

Gossip Lanka Hot News Previous News Archive