බත් පතේ ගොළුබෙල්ලෝ

කුඩා ගොළුබෙල්ලන් දෙදෙනකු සහිත බත් පාර්සලයක් අලෙවි කළ බව කියන කේටරින් සර්විස් අයිතිකරුවෙකුට මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් එල්. ලියනආරච්චි මහත්මිය රු. 5000ක දඩයක් ඊයේ (18) නියම කළාය.

මෙසේ දඩ නියම කෙරුණේ නාරාහේන්පිට ප්‍රදේශයේ කේටරින් සර්විස් හිමිකරුවෙකුටය. අහිතකර ලෙස ආහාර පිළියෙළ කිරීම හා මනුෂ්‍ය පරිභෝජනයට නොසුදුසු ආහාර මනුෂ්‍ය පරිභෝජනයට ඉදිරිපත් කිරීම යන චෝදනා දෙක යටතේ මෙම කේටරින් සර්විස් අයිතිකරු කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශය මඟින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (18) ඉදිරිපත් කර තිබිණ.


ඒ අවස්ථාවේ අදාළ චෝදනාවට චුදිත වරද පිළිගන්නා බව නීතිඥ ඩෙන්සිල් ලොයිඩ් ග්‍රේ මහතාගේ මාර්ගයෙන් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය චුදිතට ඉහත කී ලෙස දඩ නියම කළාය. බත් පාර්සලයේ තිබූ ගෝවා වැංජනයේ කුඩා ගොළුබෙල්ලන් දෙදෙනා මැරී සිටි බව අධිකරණයේදී හෙළිවිය.

.

Gossip Lanka Hot News Previous News Archive