ශ්‍රී ලංකාවේ වෙනම දෙමළ ඊළමක් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන ආ යුතු බව කියමින් ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ ලේකම් වයි. කෝබාලසාමිගේ 91 හැවිරිදි මව අද (22) උපවාසයක් ඇරඹූ බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි.
මාරි අම්මාන් නැමැති එම කාන්තාව තමිල්නාඩුවේ ඇය උපන් ප්‍රදේශය වන කලිංගපිටිවල දී එකී උපවාසය ආරම්භ කර ඇත.දෙමළ ඊළමක් හා ජනපති මහින්ද ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන ආ යුතු බව කියමින් ඇය ඇරඹු උපවාසයට තවත් කිහිප දෙනෙකු සහභාගි වී සිටින බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.