කුලියාපිටිය වැවගම ප්‍රදේශයේ යොවුන් සේනාංක කඳවුරක ඊයේ (19 වැනිදා) පැවැති ක්‍රීඩා උළෙලේදී දුර දිවීමේ තරගයට සහභාගි වූ 16 හැවිරිදි තරුණයකු තරගය අතරතුර හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇත.
මෙම වසර තුළදී දුර දිවීමේ තරගවලට සහභාගි වෙමින් සිටියදී මියගිය තුන්වැනියා මෙම තරුණයා බව පොලිසිය පවසයි. මීට ඉහතදී පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු පාසල් මලල ක්‍රීඩා උත්සවයේ මැරතන් තරගවලට සහභාගි වෙමින් සිටියදී බිම ඇදවැටී මියගොස් තිබේ.කුලියාපිටිය වැවගම ප්‍රදේශයේ පැවැති මීටර් 5000 තරගයට සහභාගි වෙමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ උඩුගම වඩුමුන්නේගෙදර පදිංචිව සිටි ලක්ෂිත මධුශාන් (16) නමැති තරුණයායි. ඔහු ක¹නේගෙදර ධර්මපාල විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. ඔහු පාසල් මට්ටමින් පැවති මැරතන් තරගවලට සහභාගි වී පළාත් සහ සමස්ත ලංකා ජයග්‍රහණ ලබා ඇත.
මෙම තරුණයා අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී පසුව යොවුන් සේනාංක කඳවුරට සහභාගි වූ අයෙකි.ඊයේ පෙරවරු 7.30 ට පමණ මෙම තරගය ආරම්භ වී ඇති අතර තරගය අවසන් වීමට මීටර් 800 ක් පමණ ඉතිරිව තිබියදී ඔහු බිම ඇදවැටී ඇත. කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තරුණයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
1. අරණායක අනුෂා කුමාරි මීටර් 5000 දුවද්දී වැටී මරු දකී
2. මැරතන් දුවද්දී මියගිය සිසුවිය හෘද රෝගියෙක්