Pages

මත්තල ගුවන් පථයට මොනරුන් ගමන් අරභයි !

මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලේ ගුවන් පථයට නිතර දෙවේලේ මොනරුන් පැමිණීම නිසා එහි පරිපාලකයින් බලවත් අසීරුතාවයකට පත්ව ඇත. මොනරා එම ප්‍රදේශයට අධිපති කතරගම දෙවියන්ගේ නිල වාහනය ලෙස සැලකෙන බැවින් කිසිදු ලෙසකින් මොනරුන්ට හිරිහැර නොකරන ලෙස ගුවන් තොටුපල අධිකාරිගේ ප්‍රධානින් එහි සේවකයින්ට දැනුම් දී ඇත.

මෙම තත්වය යටතේ, ගුවන් පථයේ නිතර දෙවේලේ දුව පැන ඇවිදින මොනරුන් එළවීමට මේවනවිට සේවකයින් පිරිසක් යොදා ඇත. එහෙත් මෙම මොනරුන් එම වැලැක්වීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සොයා ගැනීමට ගුවන් තොටුපල ප්‍රධානින් එම ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයින් ගෙන් උපදෙස් ඉල්ලා තිබේ.මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පසුගිය 14දා පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් මත්තල අසල ගුවනේදී ,පියාසර කරමින් සිටි කුරුළු රංචුවක ගැටීමෙන් අකරතැබ්බකට මුහුණ දීමට ද සිදුවිය.

තවද, පසුගිය 13 දා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ මාර්ගයේ දී අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්විය.මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉඳිකර ඇත්තේ, අලි ඇතුන් සමඟ වන සතුන් ගහන අභය භුමි ප්‍රදේශයකය.

-සබැදි පුවත්-

1.මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි !

*- Mattala Facebook Funny Stuff පින්තූර ඒකතුව මෙතනින් බලන්න-*