Pages

පොලිසියේ උදවුවෙන් " පොලිස් කෑල්ල " ගණිකා වෘත්තියේ !

ගණිකා වෘත්තියේ යෙදුන බවට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි 'පොලිස් කෑල්ල' නමින් ප්‍රකට තරුණියක් ගණිකා වෘත්තියේ යෙදුණ බවට 20 දින ගල්කිස්ස අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රුපියල් පනස් දහසක දඩ මුදලක් ගෙවීමට නියම කළාය.

තුෂාරි මෙන්ඩිස් නමැති තරුණියකට මෙම දඩ මුදල ගෙවීමට නියම කෙරිණි.මෙම තරුණිය ගල්කිස්ස පොලිසිය අසල අවන්හලක රැඳී සිටිමින් පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ඇතිව ගණිකා වෘත්තියේ යෙදී ඇති අතර පසුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කල්‍යාණරත්න මහතා විසින් උපාය දූතයෙක් යොදවා මුදල් දී සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.සැකකාරියගේ ජංගම දුරකතනය පරීක්‍ෂාවට ලක්කිරීමේදී සහකාර පොලිස් අධිකාරිවරයකුගේ සහ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් විසි අටදෙනකුගේ දුරකතන අංක තිබි සොයාගෙන තිබිණි.

මෙම සැකකාරිය බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රන්ජිත් දසනායක සහ නීතිඥ ප්‍රගීත් ගල්හේන කරුණු දක්වමින් සැකකාරිය චෝදනාවට වරදකාරිය බව පිළිගැනීමෙන් අනතුරුව දඩ මුදල නියම කෙරිණි.