ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ සුපිරි ක‍්‍රීඩක ලසිත් මාලිංග මාධ්‍යවේදීන්ට වාග් ප‍්‍රහාරයක් එල්ල කළ බවට දෝෂ දර්ශනයට ලක්ව සිටියද මාධ්‍යයෙන් සමාව ගැනීමට සූදානම් වන බව වාර්තා වේ. කෙසේ වුවද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර අදාළ කාරණාව සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස කරන ලද දැනුම් දීමකට අනුව ඔහු හෙට (09) මේ සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කිරීමට නියමිත බවද පැවසේ.
අදාළ වාර්තාව ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටියද, ඔහු ප‍්‍රකාශය කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් හා කොන්ත‍්‍රාත් ගිවිසුමට අදාළ කාලයේදී නොවන බැවින් ඒ සදහා උපදෙස් ගැනීමට එම වාර්තාව ලබා දීම ප‍්‍රමාදකර ඇති බවද පැවසේ.
මාලිංග මෙසේ මාධ්‍යයෙන් සමාව ගැනීමට සූදානම් වන්නේ ක‍්‍රිකට් ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්, හිතවත් මාධයවේදීන් හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ලබාදුන් උපදෙස් මත බවද පැවසේ.