![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwObjxKj01NH7Up71_7-yo04NCPBZgwn8Ay-Cl6kIGBl6HcNjGo24UJDq4vq-USQALsjI5Z0LA866OFH4uKep0S6fBa2__cVzd4mr0uF0cGPPtaW-ZzIqWQzsDVUpKw1eoVDdloFiPC34/s200/pig1.jpg)
මෙම දරුවන් විසින් ඌරකු මරා එම මස් පුච්චා අනුභව කරන වීඩියෝ දර්ශනද ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන තිබේ.සුනාමියට හසුව අසරණ වූ දරුවන්ද, විවිධ හේතු මත අසරණ වූ දරුවන්ද මෙම ළමා නිවාසයේ සිටින අතර ඔවුන් අවුරුදු දොළහ, දහතුන හා පහළොව වයසේ පසුවන බවද ප්‍රදේශවාසීහු පැවසූහ.මෙම ළමා නිවාසයට අයත් බව කියන ඌරු හා කුකුළු කොටුවල මෙම දරුවන් සේවයේ යොදවා ඒවායේ කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බවද හෙළි වී ඇත.මෙම ළමා නිවාසයේ පාලකයා කියන නිසා මෙම ඌරුකොටු හා කුකුළු කොටුවල වැඩකරන බවත් බෞද්ධ ආගම ඇදහීම තහනම් කර ඇති බවත් ළමා නිවාසයේ දරුවන් ප්‍රදේශවාසීන් හමුවේ පවසා ඇත.