බොදු බල සේනාව යනු මෙරට සමස්ත සඟ සමාජයම නොවේ

බොදු බල සේනාව යනු මෙරට සමස්ත සඟ සමාජයම නොවන බව බෙල්ලන්විල විමලරතන නා හිමියෝ ප්‍රකාශ කළහ .ජමෛ තුල් උලමා සංවිධානය විසින් කොළඹ 'ග්‍රෑන්ඩ් සිනමන් 'හෝටලයේදී 11 දා කැඳවු පුවත් සාකච්ඡාවකට එක්වූ උන්වහන්සේ
"අපේ සමහරු ඇඟේපතේ ශක්තියෙන් ප්‍රශ්න විසදන්න පුළුවනි කියා සිතනවා. ප්‍රශ්න විසදා ගැනීම කළයුත්තේ ඔලුව පාවිච්චි කිරීමෙනුයි " යනුවෙන් ප්‍රකාශ කළහ.
මෙම පුවත් සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ මහත් ගෞරවයට පාත්‍ර සංඝයා වහන්සේ ලෙස ප්‍රකට ඉත්තෑපාන ධම්මාලංකාර ,කොටුගොඩ ධම්මාවාස, වැලමිටියාවේ කුසල ධම්ම යන නාහිමි ,අනුනාහිමිපානන් වහන්සේ සහභාගී වූ අතර උන්වහන්සේලා නියෝජනය කරන්නේ කවර සංවිධානයක් දැයි විදෙස් මාධ්‍යවේදියකු විමසු අවස්ථාවේ ඊට පිළිතුරු ලෙස විමලරතන නාහිමියන් ප්‍රකාශ කළේ ත්‍රෛ නිකායික මහනාහිමිවරුන් ,අනු නාහිමිවරුන් ඇතුළුව සමස්ථ ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට පාත්‍ර වන මහාසංඝයා වහන්සේ තමන්වහන්සේලා විසින් නියෝජනය කරන බවය .

"හලාල් ලාංඡනය ඉවත් කර ගැනීම බෞද්ධ ජනතාවගේ ජයග්‍රහණයක්‌ හෝ මුස්ලිම් ජනතාවගේ පරාජයක් හෝ නොවේ. සමස්ත දේශයේම ජයග්‍රහණයක්‌ ,මෙය ජාතින් අතර, ආගම් අතර ප්‍රශ්නයක් දක්වා වර්ධනය වෙමින් තිබුනා." යැයි බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.
" අපි මෙවැනි ප්‍රශ්න විසඳා ගත යුත්තේ අතින් පයින් නොවෙයි බුද්ධියෙන් හා නුවණින්" උන්වහන්සේ අවධාරනය කලහ."

Gossip Lanka Hot News Previous News Archive