ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවට සහභාගි නොවීමට තමා ගත් තීරණයේ කිසිදු වෙනසක් වී නොමැති බව කැනඩාවේ අග්‍රාමාත්‍ය ස්ටීවන් හාෆර් අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය කිසිදු ලෙසකින් වර්ධනය වී නොමැති බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුවට තම රට සහභාගි නොවන බවත් කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ෂර්මා මෙම සමුළුවට සහභාගි වන ලෙස කැනඩා අග්‍රාමාත්‍යවරයා වෙත පසුගියදා ලිඛිත ආරාධනයක් කර තිබිණි.