Pages

බැරක් ඔබාමා ‍ගේ අධි ආරක්ෂිත " බීස්ට් " මෝටර් රථය ක්‍රියා විරහිත වේ

පසුගියදා අවසන් වූ ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ‍ගේ ඊශ්‍රායල සංචාරයට පෙරාතුව සිදුවූ වෙනස් ආකාරයේ ඇබැද්දියක් පිළිබඳව විදෙස් වාර්තා වල දැක්වේ.
එය සිදුවී ඇත්තේ ජනාධිපතිවරයා ඊශ්‍රායලයට ලඟා වීමටද පෙරාතුවය. " බීස්ට් " ලෙස හැඳින්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අධි ආරක්ෂිත මෝටර් රථය ක්‍රියා විරහිත වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ. වැරදීමකින් මෙම රථයට ඩීසල් වෙනුවට පෙට්‍රල් පිරවීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි පැවසේ. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායලයට පැමිණීමට දිනකට පෙර සිදුවූ මේ සිදුවීම හේතුවෙන් අසල්වාසී රාජ්‍යයක් වූ ජෝර්දානයෙන් තවත් රථයක් ගෙන්වා
ගැනීමට ඇමෙරිකානු රහස් සේවයේ නිලධාරීන්ට සිදුව තිබේ. මේ පිළිබඳව ඇමෙරිකානු රහස් සේවයේ ප‍්‍රකාශකයෙකු වන එඩ්වින් ඩොනොවින් සඳහන් කර ඇත්තේ එක් මෝටර් රථයක් කාර්මික දෝෂයකට ලක් වූ බවයි. කෙසේ වෙතත්, ඩීසල් වෙනුවට පෙට්‍රල් පිරවීමෙන් මෙම කාර්මික දෝෂය ඇති වූවා දැයි ඔහු නිශ්චිත වශයෙන් පවසා නැත. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නිල රථය වන මෙම කැඩිලැක් වර්ගයේ ලිමොසින් රථය බරින් ටොන් 8ක් වේ.