එසේම මේ නිසා දෙමළ ජාතිකයන්ට ඉන් බලවත් අසාධාරණයක් සිදුවන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.ඉඩම් ලබා දීමට සුදුසු පුද්ගලයන්ගේ නාම ලේඛන සකස් කිරීම මේ දිනවල වවුනියාවේ යුද හමුදා කදවුරකදී සිදුවන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එහෙත් යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසුරිය පැවසුවේ එසේ ඉඩම් ලබා දීමට යුද හමුදාවට බලතල නැති බවයි.ඉඩම් සම්බන්ධයෙන් බලතල ඇත්තේ ඉඩම් අමාත්‍යංශයට බව පැවසූ ඔහු එසේ නමුත් අවතැන්වුවකු තම ගමේ, සිය ඉඩමේ පදිංචිවීමට උදව් ඉල්ලා සිටියහොත් ඊට පහසුකම් සැලසීමට හැකි බව කියා සිටියේය.
වවුනියාවට උතුරින් පිහිටි සිංහල ගම්මාන රැසක විසු සිංහල වැසියන් පසුගිය යුද සමයේදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් අවතැන්වී සිටින බව සඳහන් කළ යුද හමුදා ප්‍රකාශක රුවන් වනිගසුරිය, ඔවුන්ට එම ගම්මානවල පදිංචිවීමට අයිතිවාසිකමක් උරුමයෙන් ලැබී ඇති බව ප්‍රකාශ කළේය.