ජාතික පුවත් පත්, විකල්ප පුවත් පත්, ඇතැම් වෙබ් අඩවි පසු ගිය සතිය පුරා වාර්තා කළ එක් සිද්ධියක් වූයේ මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම දේශීය කර්මාන්ත රැසක සභාපතිනිය ලෙස කටයුතු කරන කාන්තාවගේ චරිතයට අපහාස වන අයුරින් අමිල අබේසේකර නමැති රංගන ශිල්පියා කටයුතු කර ඇති බවයි.
ඇත්තටම මේ සිද්ධිය කුමක් ද යන්න අපි ව්‍යාපාරික කාන්තාවගෙන් විමසීමක් කළා. මේ අපට ඇය ලබා දුන් පිළිතුරයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-9uW3fU2lEne3VicQgH8UWjKtBYrERKpNWEZiDg3rliRo82P23ioPEAmFSw9_YGHxlGCTpF4L8AC1wRkJkhgWI9CxCGWodYWXLQSuCTTg_bQhJd5J4-57blKRZsT42DcE4Og0fAsPSxU/s1600/women.jpg)
ඒ අනුව ක්‍රියාත්මක වූ මම මිරිහාන පොලීසියේ අදාල රංගන ශිල්පියාට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එය පසු ගිය මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතාගේ අධීක්‌ෂණය යටතේ විභාග වූවා. අමිල මගෙන් සමාව ගනිමින් තරයේ ප්‍රකාශ කළා එවැන්නක් ඔහු විසින් නොකළ බවට.
නමුත් මාගේ තර්කය මෙයයි. ඔහු මේ කිසිම දෙයකට සම්බන්ධ නැත්නම් ඔහුගේ චරිතයට විශාල කැළලක් මේ සිද්ධිය නිසා පැහැදිලිවම සිදු වී ඇති බැවින් අදාළ නළුවාට ඒ කියන්නේ අමිලට හැකි විය යුතුයි එක්‌කෝ මට විරුද්ධව හෝ එසේත් නොමැති නම් මට මේ කතාව පැවසු සමාජයේ ප්‍රබල පුද්ගලයාට විරුද්ධව අමිල වැනි ජනප්‍රිය නළුවෙකුට අපහාස කිරීම සම්බන්ධයෙන් අපහස නඩුවක් ගොනු කරන්න සහ නීතියේ පිහිට පතන්න. ඔහු එසේ නොකරන්නේ මේ සිද්ධිය සිදු වන්නේ අමිල දැනුවත්ව යම් කිසි මඩ කල්ලියකගේ අනු දැනුමට බව මා තරයේ විශ්වාස කරනවා.
මේ සියලු දෙනාටම අවශ්‍ය වී ඇත්තේ ව්‍යාපාරික කාන්තාවක් ලෙස මා මේ රටේ ගොඩ නගා ගත් කීර්ති නාමය සහ ප්‍රතිරූපය විනාශ කරන්නයි. ඒ නිසා සත්‍ය සහ නිර්දෝශීභාවය ජය ගන්නා තුරු මා සටන් කරනවා.
හරින්දි ලියනගේ
- අමිල අබේසේකර
මේ පිළිබඳව අප අමිල අබේසේකර ගෙන් විමසීමක් කළා.
ඔව්... මම ඒ ප්‍රවෘත්තිය ගැන දන්නවා. මම දන්න කියන කෙනෙක් තමයි ඔය ප්‍රවෘත්තිය පළකරලා තියෙන්නේ. ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක්. මේ වගේ බොරු ප්‍රවෘත්තියක් පළකරන්නේ කොහොමද?
ඒ අසත්‍ය ප්‍රවෘත්තිය නිවැරැදි කරන ලෙස ඉල්ලලා මම නීතිඥ මහතකු මගින් අදාළ පාර්ශ්ව වෙත ලිඛිත දැනුම්දීමක් කරලා තියෙනවා. ඒ සඳහා මට ලැබෙන ප්‍රතිචාරය අනුව අවශ්‍ය වෙතොත් නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා" රංගන ශිල්පී අමිල අබේසේකර අපට පැවසුවා.
සුගත් මොරගහකුඹුර
දිවයින පුවත්පත ඇසුරිනි
-සබැදි පුවත්-
1.අමිල වැඳ සමාව ගත්තේ නෑ ලු - Amila Abeysekara
2. අමිල නයනාට වැඳ සමාව ගනි කියන කතාව
3. මම මේ කතා කරන්නේ සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්මයි - Deepani Samarasinghe
Deepani Samarasinghe & Amila Abeysekara case
2. අමිල නයනාට වැඳ සමාව ගනි කියන කතාව
3. මම මේ කතා කරන්නේ සමස්ත කාන්තා පරපුර වෙනුවෙන්මයි - Deepani Samarasinghe