සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයේ දී සිදු වූ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් තරගය නැරඹූ සියලූ පේ්රක්ෂකයන්ට සිදු වූ අපහසුතාව පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමාව ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේ ම එම විදුලිය විසන්ධි වූයේ කී්රඩංගණයේ පැවැති විදුලි උත්පාදන යන්ත්‍රයෙහි සිදු වූ කාර්මික දෝෂයකින් බවත් ඔවුහු එම නිවේදනයෙහි පෙන්වා දෙති.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දුන් බංග්ලාදේශඉනීමේ 41 වැනි පන්දුවාරයේ දී එක් විදුලි කණුවක විදුලිය විසන්ධි විය.බංග්ලාදේශ කණ්ඩායමේ ඉනීම නිමා වීමටත් පසු සූරියවැව ක්‍රීඩාංගණයේ බටහිර කුලූනු දෙකක විදුලිය විසන්ධි විය.මේ හේතුවෙන් සමස්තතරගයම විනාඩි 99ක් පමණ ප්‍රමාද විය.

ලංකා විදුලිබල මණ්ඩලය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ විදුලි සැපයුම් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබයි. කාර්මික දෝෂයක් හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති අතර ක්‍රීඩාංගණයේ පවතින විදුලි උත්පාදන යන්ත්‍ර ද එම අවස්ථාවේ දී ක්‍රියා විරහිත වීම හේතුවෙන් විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නො හැකි විය.ඉන් පසුව ප්‍රධාන පේ‍්‍රක්ෂකාගාරයට විදුලිය ලබාදීම සඳහා අතිරේකව භාවිත කරන විදුලි උත්පාදන යන්ත්‍ර යොදාගනිමින් විදුලි කුලූනුවලට අවශ්‍ය විදුලිය ලබාදීමට කටයුතු කොට ඇත. තරගය පැවැත්වීමට පෙර දිනයේ දී (22) පැවැති පරීක්ෂණවල දී විදුලි කුලූනු නියමිත පරිදි ක්‍රියා කළ බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.