විදුලි ගාස්තු වැඩි කිරීමට අදාලව විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය අද මාධ්‍ය වෙත මුදා හැරුණා.ඒ අනුව ගාස්තු වැඩිකිරීම් පිළිබඳ විදුලිබල මණ්ඩලයේ යෝජනා අද සිට මහජන අදහස් සඳහා විවෘත කෙරෙනවා.ගාස්තු සංශෝධනයේ ප්‍රධානතම යෝජනාවක් වන්නේ වත්මන් ක්‍රමය යටතේ ඇති ඒකක ගණනය වෙනස් වීමයි.
එමෙන්ම භාවිත වන ඒකක ප්‍රමාණයට අනුව මීට පෙර සිදුවු මිල වැඩිවීම නව ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන්නේ නැහැ.නව ක්‍රමය යටතේ ගණනය කිරීම් සිදු කෙරෙන්නේ සමස්ථ පරිභෝජනය මතයි.පවතින ක්‍රමය යටතේ අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ට ලබාදී තිබු සහනය නවක්‍රමය යටතේ අහිමිවනවා. එනම් ඒකකයකට යෝජනා කර ඇති මුදල වැඩිවන ඒකක ගණන මත මුදලින් වැඩිවන්නේ නැහැ.
මීට පෙර විදුලි ඒකක 30ක් භාවිත කළ පුද්ගලයෙකුට රුපියල් 244ක මුදලක් මාසිකව වැයවුයේ නම් නවක්‍රමය යටතේ එය රුපියල් 384ක් වනු ඇති.භාවිත වන විදුලි ඒකක මත ඉන්ධන ගැලපුම් ගාස්තුව වැඩි කිරීමට ද විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.

නව ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ අපේ‍්‍රල් 04 වැනිදායින් පසුවයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්ස ද කොස්තා මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ ඊට පෙර ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසන බවයි.අපේ‍්‍රල් 04 වැනිදා මහජන අදහස් විමසීමේ සමුළුවක් කොළඹ දී පවත්වන බව ද ඔහු කියා සිටියා.