නැතිබැරිකම, අසරණකම, ලෙඩරෝග හා අගහිඟකමද ඇති පවුල්වල ඉගෙනීමට දක්ෂ දරුවන් සිටින තැන් සොයා ගැනීම තරමක් දුෂ්කරය. කොයිතරම් කරදර බාධාක මැද වුවත් ඉතා උනන්දුවෙන් ඉගෙනුම ලබන දරුවන් සිටින මෙම පවුල වැලිකන්ද නවසේනපුර - මල්විල අංක 257 ඉඩමෙහි ඉතා දුකසේ ජීවත් වෙති.
එච්. ඒ. වසන්ත (40) යන සයදරු පියාගේ පාදයකට වෙඩි වැදීමෙන් ආබාධිත තත්ත්වයෙන් සිටින අතර එන්. එස්. නාලනී (32) යන සයදරු මවගේ වකුගඩු දෙකම අක්‍රීයවීමෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවේ. වැලිකන්ද මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන එම පවුලේ වැඩිමහල් දියණිය එච්. ඒ. ලක්ෂිකා 11 වසරේ දක්ෂ ශිෂ්‍යාවකි.
10 වසරේ ඉගෙනුම ලබන එච්. ඒ. ශානිකාගේ පපුවේ සිදුරු දෙකක් ඇති අතර ඇයද මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. එම්. ඒ. මදුෂිකා 7 වසරේ ඉගෙනුම ලබන ඊළඟ දියණියයි. එච්. ඒ. නදීශිකා 4 වසරේ ඉගෙනුම අතර එච්. ඒ නවීන් පෙර පාසල් යන ළමයෙකි. පවුලේ බාලම දියණිය එච්. ඒ. ලක්ෂාණි ඇයට වයස අවුරුදු 1 1/2 කි. මේ තරම් අපහසුතා මැද ජීවත්වන මෙම දරු පවුලේ මුල්තැන දී ඇත්තේ අධ්‍යාපනයටයි. ඔවුන්ට ඒ සඳහා ඇති දුක්කරදර රැසකි. ඒ ඊට කාට හෝ පිහිට වීමට හැකි නම් එය මහඟු පුණ්‍ය කර්මයකි.

මේ වන විට වැලිකන්ද මහා විද්‍යාලයේ විදුහල්පති එම්. ආර්. වසන්ත කුමාර පීරිස් මහතා හා ආචාර්ය මණ්ඩලයේද සිසු සිසුවියන් ද එම පවුලේ සුවදුක් බැලීමට හැකි පමණින් ඉදිරිපත් වුවද එම දරු පවුල තවමත් අසරණය.
ඉතා දුර බැහැර ප්‍රදේශයක සිට පැමිණෙන ඉතා දක්ෂ දරුවන් සිටින මෙම පවුලේ එක් දරුවෙකුට හෝ ශිෂ්‍යත්වයක් වත් ලබාදීම ඉතා වැදගත් බව 11 ශ්‍රේණිය භාර මොරිස් ඇන්ඩසන් ගුරු මහත්මා පැවැසීය.
පාසල් අධ්‍යාපනයට මසකට බස් රථයේ වාර ප්රවේශපත්රයට රුපියල් 450 ක් පමණ මුදලක් වැය වූවත් එය සොයා ගැනීමද දුෂ්කර වී ඇත. තම මවට ප්‍රතිකාර කිරීම සඳහාද මාස්පතා මුදල් වැය වන නිසා බොහෝ අවස්ථාවල කුසගින්නේද පාසල් යැමද සිදුවන බව වැඩිමහල් දියණිය වන එච්. ඒ. ලක්ෂිකා පැවැසුවාය. ඔවුන්ගේ ලිපිනය - එච්. ඒ. වසන්ත, අංක 257 මල්විල, නවසේනපුර - වැලිකන්ද.
මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි
මනම්පිටිය - ඡේ. ඒ. ජයකොඩි