Pages

භික්ෂූන් වහන්සේලාට පහරදීම මුස්ලිම්වරුන්ගේ වැඩක් - බොදුබලසේනා

පසුගිය දින කිහිපයේ ඉන්දියාවේ දී ශ‍්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමකට පහරදීමේ සිද්ධින්වලට අන්තවාදී මුස්ලිම් කල්ලියක් සම්බන්ධ වී ඇති බවට සැකයක් මතුවී ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි. ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කිරීම සඳහා අද (19) පෙරවරු 10.30 ට බොදු බල සේනා මුලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඇතැයි ද එම සංවිධානයේ ප්‍රධානියකු ‘මිරර්’වෙත පැවසිය.

කෙසේවුවද, මේ දක්වා ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය ඒ සම්බන්ධයෙන් චෝදනාකර තිබුණේ එල්.ටි.ටි.ඊ. හිතවාදීන්ටය. මේ අතර චෙන්නායි හිදී ශ‍්‍රී ලාංකිකය බෞද්ධ භික්ෂුවකට එල්ල වූ ප‍්‍රහාරය පිළිබදව දැඩි විරෝධය පළ කරන බව ජාතික හෙළ උරුමය පවසයි. 

කොළඹ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සඳහන් කළේය. කෙසේ වෙතත්,ඉන්දියාවේ වන්දනා කිරීම සඳහා සංචාරය කරන ශ‍්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂාව ලබාදීමට එරට පොලීසිය පොරොන්දුවක් ලබාදී ඇති බව ඉන්දියාවේ චෙන්නායි නුවර මහබෝධි මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ප‍්‍රකාශ කළහ. භික්ෂුන් වහන්සේලාට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය අද (19)අවසන් තීරණයක් ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි. නවදිල්ලි නුවර ශ‍්‍රී ලංකා මහකොමසාරිස්වරයා සහ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ඊයේ (18)ඉන්දියානු බලධාරීන් සමග සාකච්ඡා කර ඇත. ඒ පිළිබදව අද (19)දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට ඔවුන් විසින් වාර්තාවක් ලබාදීමට නියමිත බව අමාත්‍යාංශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සදහන් කරයි. 
 තමිල්නාඩුවේ දී ශ‍්‍රී ලාංකිකයන්ට එල්ල වන ප‍්‍රහාර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට තීරණයකට එළඹෙනු ඇත්තේ ඉන් අනතුරුව බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල් රොඩ්නි පෙරේරා මහතා පැවසිය.

-මිරර් -