ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බරපතළ දෙදරායාමක් සිදුවන බවටත්, මෙහිදී එම පක්ෂය කණ්ඩායම් තුනකට කැඞී යෑමේ අවධානමක් මතුව තිබෙන බවත් වාර්තා වේ. නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වය භාර ගැනීමට කැමැති පිරිස් සංවිධානගත කිරීමේ වැඩ පිළිවෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර තිබේ. ජනාධිපතිවරයා සිය හිතවත්ම ඇමැතිවරුන් කිහිපදෙනෙකු සමග එම අවශ්‍යතාවය ප්‍රකාශ කර ඇත.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් පසුගියදා කළුතර ප්‍රදේශයේදී පැවැති උත්සවයකදී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති කළ යුතු බව ප්‍රකාශ කෙරිණ.
බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ එම උත්සාහයට එරෙහිව පෞද්ගලික න්‍යාය පත්රයකට අනුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරයට පත්වීමත් සමග ඉදිරියේ ඇති වන නාමල් රාජපක්ෂගේ නායකත්වයට එරෙහිව ‘නිල් රැල්ල’ වැඩසටහන ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ඒ සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව සාමාජිකයන් සම්බන්ධ කර ගැනෙන අතර, වෘත්තීය සමිති නායකයන් සම්බන්ධ කර නොගැනීමටද තීරණය කර ඇත. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති නායකයන් 98%ක්ම නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයට කැමැත්ත පළ කර තිබේ.
රාජපක්ෂ පවුල් බලය පක්ෂය තුළ ව්‍යාප්ත කිරීම සහ තනතුරු වරප්‍රසාද කප්පාදු වීම නිසා කලකිරී සිටින එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉහත දෙපාර්ශ්වයටම එරෙහිව නිල නොවන ලෙස සංවිධානය වීමට කටයුතු කර ඇත. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට පැමිණි කිහිපදෙනෙකුට ප්‍රබල ඇමැතිකම් ලබාදීමෙන් කලකිරුණු ජ්‍යෙෂ්ඨයන් පිරිසක්ද ඒ අතරට එක් වී ඇත.
පසුගිය දිනවල මෛතී‍්‍රපාල සිරිසේන ඇමැතිවරයාගේ ප්‍රකාශයන් අනුව මෙම සංවිධානගතවීම තහවුරු වී තිබේ. ජයරත්න හේරත්, එස්.බී. දිසානායක, එස්.බී. නාවින්න ඇතුළු පිරිසක් එහි ප්රමුඛ බලවේගය වී ඇත.
- ලංකා-