චන්ද්‍රිකාගේ ”ගොන්” කතාවට මාලකගෙන් පිළිතුරක්

”තමන්ගේ ඇසේ තියෙන පොල් පරාලේ ගැන සොයන්නේ නැතුව අනුන්ගේ ඇසේ ඇති පොල් කෙන්ද” ගැන සෙවීමන් වළකින ලෙස අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවැසුවේ පසුගිය දා පැවැති විජය කුමාරතුංග ගුණානුස්මරණ උත්සවයේ දී ”මර්වින් සිල්වාගේ නෝනයි දුවයි, අර මාලක කියන එයාගේ ගොන් පුතයි වැඩ කරන ගෑනු කෙනයි අපේ ගෙදර ඇවිත් නතර වුණා” යනුවෙන් සඳහන් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමිනි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි. ”ඔබ තුමිය සමඟ සිනාසුණු සෑම අයෙක්ම මෙම මනුෂ්‍ය ලෝකයෙන් ඔබතුමිය සමුගන්නා විට ද අවංකව දුක්වීමට සිටින බව ඔබතුමි සිතාගත යුතුය.
එසේ නොවුණ හොත් සිදු වන්නේ ඔබ වෙනුවෙන් කඳුළු සැලීමට යම ලෝකයෙන් පිරිසක් එ වෙනුවෙන් රැගෙන ඒමට ය.” ලෙස ද මාලක සිල්වා විසින් නිකුත් කොට ඇති නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

බණ්‌ඩාරනායකවරුන් කියන්නේ මුළු රටේම ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ පිරිසක්‌. එහි ප්‍රධාන තැන හිමි වන්නේ ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාටත්, සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියටත්ය. මාගේ පියාණන් බණ්‌ඩාරනායකවරුන් හඳුනාගත්තේ 1971 ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ මාර්ගයෙනි. බණ්‌ඩාරනායකවරුන් හඳුනාගත් දින පටන් මාගේ පියාණන් බණ්‌ඩාරනායකවරුන් හට විශාල සේවාවක්‌ ඉටු කළේ මහින්ද රාජපක්‍ෂ මැතිඳුන්ගේ නාමයෙනි. අපි කුඩා කාලයේදී මගේ මතකයේ හැටියට මාගේ පියාණන් අපිට වඩා බැලුවේ බණ්‌ඩාරනායකවරුන් ගැනය. එදා බණ්‌ඩාරනායකවරුන්ට යම් ප්‍රශ්නයක්‌ වූ අවස්‌ථාවකදී ප්‍රශ්නවලින් මගහැරියේ ද නැත. එදා බණ්‌ඩාරනායක සමාධිය විනාශ කරන්න ආපු මැරවරයන්ගෙන් සමාධිය බේරගන්න නොබියව ඉදිරිපත් වූයේ ද මාගේ පියාණන් බව මැතිනිය අමතක නොකළ යුතුය. මෙවැනි පසුබිමක්‌ තුළ චන්ද්‍රිකා මැතිනිය අපගේ පවුල හා මා සම්බන්ධව අපහාසාත්මක ලෙස යම් යම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කනගාටුවට පත්වෙමි.

මේ එම චන්ද්‍රිකාගේ ”ගොන්” කතාවයි


-සබැදිපුවත්-
1.බණ්ඩාරණායක නිවසේදී සරම උස්සලා පෙන්නපු හැටි ඇමති මර්වින් හෙළිකරයි !

Gossip Lanka Hot News Previous News Archive