උදව්වට ගිය දැරිය කෙළෙසලා !

එකොළොස්‌ හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක්‌ කිරීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් හැටහය හැවිරිදි විවාහක පුද්ගලයෙක්‌ මෙම මස 27 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස හැටන් දිසා අධිකරණයේ දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් නියෝග කරන ලදී.
නල්ලතන්නිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන "බී" වාර්තාවකින් හැටන් දිසා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නල්ලතන්නිය ලක්‌ෂපාන තේ වත්තක පදිංචි අයෙකි.මෙම දැරිය සැකකරුගේ නිවස අසල පදිංචිව සිටින අතර ඇය පවුලේ වැඩිමලා වේ. ඇයගේ මව මැදපෙරදිග රැකියාවකට ගොස්‌ ඇති බවත් පියා වතු කම්කරුවෙක්‌ බවත් පොලිසිය පවසයි.
සැකකරු අර්ධ අංශභාග රෝගියෙක්‌ බවත් දැරිය ඔහුට උදව් කිරීමට සැකකරුගේ නිවසට ගිය අවස්‌ථාවේ කීප වරක්‌ බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්‌ කර ඇති බවට මූලික පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇති බවත් නල්ලතන්නිය පොලිසිය පවසයි.
නල්ලතන්නිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී.

Gossip Lanka Hot News Previous News Archive