Pages

සංවර ඇඳුමින් උසාවි එන්නැයි හිරුණිකාට දැඩි අවවාද

අධිකරණයට නොගැලපෙන ඇඳුමකින් සැරසී පැමිණියේ යැයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවියට කොළඹ කොටුව අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් අධිකරණයේදී අද දැඩි ලෙස අවවාද කර තිබේ. අධිකරණයට පැමිණෙන විටදී සංවර ඇඳුමින් සැරසී එන්නැයි දිගු කලිසමකින් සහ රෝස පැහැති සිනිඳු උඩුකය ඇඳුමකින් සැරසී පැමිණි හිරුණිකා හට මහේස්ත‍්‍රාත්වරිය අවවාද කර ඇත.
 බොරැල්ල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුට තර්ජනය කොට, පෞද්ගලික ආරක්ෂකයන් සමඟ එක්ව පහරදුන්නේ යැයි ඇයට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ දී මෙලෙස අවවාද කර තිබේ. ඇය ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර තිබිණ. අයුතු ලෙස පරිශ‍්‍රයකට ඇතුළු වී එහි හිමිකරුට පහරදී තර්ජනය කිරීමේ චෝදනා මත අද අධිකරණයේ පෙනී සිටි සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 08 ක් මත මුදාහැරි අතිරේක මහේස්ත‍්‍රාත්වරිය, නඩුව ලබන ජුලි මස 31 වැනිදා දක්වා කල් තැබීමටයි නියෝග කළාය.


හිරුණිකා අද දිනයේ අධිකරණයට පැමිණි ආකාරය බලන්න පහතින්