
පොලිසියේ ඉල්ලීම මත සැකකාර උප නගරාධිපති හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ ද ඔහු හඳුනා අඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ බවද පැවසේ.පසුව කොළඹ අපරාධ කොට්ඨාසය සිය ඉල්ලීම ඉල්ලා අස්කරගන්නා බව අධිකරණයට දැන්වීය.මේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් නව දෙනෙකු මේවන විට රිමාන්ඩ් බාරයේ පසුවේ.මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර සිටින්නේ එස්. ධනුෂ්ක ප්‍රනාන්දු, සුදේශ් ධනුෂ්ක ප්‍රනාන්දු, එම්. දිනේෂ් ලක්මාල්, චින්තක රුවන්ද සිල්වා, තිරුමලන් ඉලන්කෝන්, දුරේෂානි කේසවන්, ඉෂාන් කාවින්ද හා දිල්රුක් මෙන්ඩිස් යන නව දෙනාය.
විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමියෝ පසුගිය 03 වැනිදා කපාකොටා ඝාතනය කර තිබිනි.
මේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරණ සැකකරුවන් දෙදෙනෙකු ද බණ්ඩාරගම දැල්කඩ දී අත් පා බැඳ වෙඩි තබා ඝාතනය කර තිබිනි.
-සබැදි පුවත්-