දුමින්දට ඇප ඉල්ලා පියාගෙන් පෙත්සමක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇප ඉල්ලා කොළඹ මහාධිකරණයට අද පෙත්සමක් ගොනු කෙරිණ.පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ දුමින්ද සිල්වා මහතාගේ පියා වන ඒ විල්සන් ප්‍රේමලාල් සිල්වා මහතා විසිනි.අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ තෙවැනි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සමේ සඳහන් වන්නේ සිද්ධිය වූ දිනයේ දුමින්ද සිල්වාට මහතාට එල්ල වූ වෙඩි ප්‍රහාරවලින් බරපතල තුවාල ලැබු බවත් මේ නිසා ඔහුගේ හිස් කබලෙන් කොටසක් ඉවත් කිරීමට සිදු වූ බවත් ඒ පිළිබඳව ඔහු සිංගප්පුරුවේ පෞද්ගලික රෝහලක සෑහෙන කාලයක් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් දැනට ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවත් ය.

මේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට හෝ වෙනත් කිසිවෙකුට බලපෑමක් කිරිමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් නොමැති බවත් ඔහුට ඇප ලබාදෙන ඉල්ලා එම පෙත්සම ගොනු කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive