ලෙබනනයේ ශ්‍රී ලාංකික තරුණියක් අබිරහස් ලෙස මරාදමලා

ලෙබනනයේ බිරුට්හි සේවය කළ ශ්‍රී ලාංකික තරුණියක් අබිරහස් ලෙස ඝාතනය කර ඇති බව වාර්තා වෙයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මහවැව තොඩුවාව පදිංචි දිලිකා පෙරේරා (32) නැමැති තරුණියකි.

ඇය වසර 08 ක් පමණ ලෙබනනයේ රැකියාව කැර ඇති අතර නිවාස කිහිපයක හා කාර්යාලයක සේවය කැර ඇති බව ඥාතීන් පැවසිය මියගිය තරුණිය පසුගිය සෙනසුරාදා (02) රාත්‍රී ඥාතීන්ට කතා කැර ඇති අතර ඉන්පසු කිසිදු තොරතුරක් වාර්තා වි නොමැත.මෙසේ තිබියදි පසුගිය (03) වන දින ලෙබනනයේ මාවතක තිබියදි කාන්තා මෘත ශරිරයක් හමු වි ඇති අතර එය දිලිකා පෙරේරාගේ බව ඇගේ යෙහෙළියන් විසින් හදුනාගෙන පොලිසියට හා ශි‍්‍ර ලංකාවේ ඥාතීන්ට දැනුම් දී ඇත.මේ පිළිබද දිලිකා පෙරේරාගේ මවුපියන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයටද පැමිණිලි කර ඇත. දිලීකා දහසකුත් පැතුම් පොදි බැඳගෙන ලෙබනනයට යන්නේ ඇස් නොපෙනෙන තම පවුලේ සාමාජිකයන් දෙදෙනා හා අනෙකුත් සාමාජිකයන් ජීවත් කිරීම සඳහා ය.


ඒ මීට වසර 08කට පෙරයි. ස්වඋත්සාහයෙන් ජීවත් වීමට උපන් හපන්කම් ඇති දිලිකා කුඩා කළ සිටම පවුලේ දියුණුව වෙනුවෙන් කැප විය. තම උගත්කමට ලංකාවේ රැකියාවක් නොමැති බව තේරුම් ගත් දිලීකා වයස 23 සම්පූර්ණ වන විට ලෙබනනයට යන්නේ පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයක මාර්ගයෙනි.

දිලීකා ලෙබනනයට ගිහින් නිකන් හිටියේ නැත. ගමේ ගොඩක් දෙනෙක්ව ගත්තා මාවත් ලෙබනනයේ රැකියාවට යැව්වෙ දිලීකා තමයි. එයාට ලෙබනනයේ කවුරුත් තරහකාරයො හිටියෙ නෑ. මම ලංකාවට ඇවිත් සති තුනයි. මට මේ මරණය හිතාගන්නවත් බෑ. උතුරු තොඩුවාවේ පදිංචි ජෙනට් අසුන්තා දිලිකා ගැන කළ සඳහනයි ඒ.

දිලීකා දරුවන් හතර දෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි. ඇයට බාල සොයුරියන් දෙදෙනකු හා සොහොයුරකු සිටී. පීටර් පෙරේරා (55) හා මරියා ප්‍රනාන්දු (50) මව්පියන් වෙති. දිලීකා ගිහින් කෙළේ පවුල ගොඩනගපු එකම තමයි. විවාහයක් ගැන හිතුවෙත් නෑ.

හරි ඉක්මනට එයා ලෙබනනයේ කටයුතු ඉගෙන ගත්තා. එක තැනක නොවෙයි තැන් කිහිපයකම වැඩ කළා. කාර්යාලයක වැඩ කළා. දිලීකාගේ පියා පීටර් පෙරේරා ඇඬූ කඳුළින් තම දියණිය ගැන පැවසීය. මේ වන විට දිලීකා පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට 122/1303 යටතේ හා ලිපිගොනු අංක 1381 යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශයට දිලීකාගේ මව පැමිණිලි කර ඇත.

Gossip Lanka Hot News Previous News Archive