"ෆැෂන් බග්" ප්‍රහාරයට කෝටිපතියෙකුත් ඇවිල්ලා

පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබූ පිරිස අතර කොටිපති ව්‍යාපාරිකයෙකුද ඇතැයි වාර්තාවේ.

පැෂන් බග් රෙදිපිළි ආයතනයේ පැපිලියාන ගබඩාවට පහරදී අලාභහානි කළැයි නුගේගොඩ වැඩ බලන මහේසත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් හය දෙනෙක් ලබන දෙවැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. කෝටිපති ව්‍යාපාරිකයකු, සන්නිවේදන මධ්‍යස්ථාන හිමිකරුවකු, දෙහිවල ගල්කිස්ස නගර සභා සේවකයකු ද ඒ අතර සිටින බව වාර්තාවෙයි. 15 හැවිරිදි බාලවයස්කාර දැරියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන සිංහල නොවන තරුණයකු එම දැරිය කෙළෙසීයැයි කියන සිද්ධියකින් ප්‍රකොප වූ පිරිසක් මේ සිද්ධියට සම්බන්ධ බව පොලිසිය කියයි. පැෂන් බග් ආයතනය පිටුපස වෙනත් සමාගමක සේවය කරන බව කියන එම තරුණයා සොයාගිය පිරිසක් පැෂන් බග් ආයතනයට ගල්මුල්ගසා ඇතැයි කියති.

Gossip Lanka Hot News Previous News Archive