මවට ඇස් පියා ගන්න කියා දුවට අතවර කරලා !

තම මුහුණ සුන්දර ලෙස සකසා ගැනීම සඳහා ෆේෂල් එකක් කර ගැනීමට තම කුඩා දියණියත් සමඟ රූපලාවණ්‍යාගාරයකට ගිය කාන්තාවකගේ ෆේෂල් එක කරනා අතරතුර ඇගේ 13 හැවිරිදි දියණියගේ ශරීරය අතපතගාමින් ලිංගික සුවයක් ලබාගැනීමට ගිය එම රූපලාවණ්‍යාගාරයේ හිමිකරු යැයි සැලකෙන පුද්ගලයා මොරටුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මොරටුව මෝදර වටරවුමට නුදුරින් පිහිටා ඇති මෙම සැලොන් එක කරගෙන යනු ලබන්නේ අඹු සැමි යුවළක් විසිනි. මෙහි බොහොමයක් රූපලාවණ්‍ය කටයුතු කරනුයේ එම යුවළගෙන් කාන්තාව වන අතර කාන්තාව නොමැති වූ අවස්ථාවලදී පුරුෂයා විසින් රූපලාවණ්‍ය කටයුතු කරනු ලබයි.පසුගිය 16 වැනි දින මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් මෙම ස්ථානයට ගියේ තම මුහුණ පිරිසුදු කර ගන්නා අටියෙනි. ඇය එම ෆේෂල් එක කරගන්නා අතරතුර 13 හැවිරිදි දියණිය ඇය ඉදිරිපිට පුටුවක වාඩි වී තම මව දෙස බලාගෙන සිට ඇත.

මෙම ෆේෂල් එක කරන ලද සැලෝන් එක හිමි පුද්ගලයා විසින් ෆේෂල් එක කර ගැනීමට පැමිණි කාන්තාවට විනාඩි 20ක් ඇස් පියාගෙන ඉඳීමට සලස්වා ඉන් පසු ගැහැනු දරුවා ඉඳගෙන සිටි ස්ථානයට පැමිණ ඇගේ ගවුම අතරින් අත දමා ළැම පෙදෙස ස්පර්ශ කිරීමට පටන්ගෙන ඇති අතර පසුව ඔහුගේ ලිංගික අවයවයද එම 13 හැවිරිදි දැරියට පෙන්වා ඇති බව පොලිසිය පවසයි.

කලබලයට පත්වූ දැරිය "ගෙදර යමු අම්මේ" කියා කෑගැසීමෙන් අනතුරුව මව අවදිව ළමයාද රැගෙන එම ස්ථානයෙන් එළියට පැමිණ ඇති අතර එහිදී කුමක් සිදුවුණේ දැයි ප්‍රශ්න කිරීමේදී සිද්ධිය දැරිය තම මවට ප්‍රකාශ කර ඇත. කාන්තාව විසින් තම දියණියට වූ ඇබැද්දිය මොරටුව, මෝදර පොලිසිය වෙත පැමිණිලි කරන ලදී.

එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අනිල් මාසකෝරාල මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන මොරටුව පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උප පොලිස් පරීක්‍ෂක නිලූකා ගයන්ති මෙනෙවියට භාරදීමෙන් අනතුරුව විමර්ශන කටයුතු සිදුකොට සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කොට මොරටුව දිසා විනිසුරු හා ප්‍රධාන මහෙස්ත්‍රාත් බී.ඒ.ආර්. සෝමසිංහ විසින් එක් දිනක් රක්‍ෂිත බන්ධනාගාර ගතකොට පසු දින රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදාහරින ලදී. මොරටුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂක කමල් ජයනෙත්ති මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක නිලූකා ගයන්ති මෙනෙවිය සමඟ කාන්තා කොස්තාපල් අමාලි (8925), ලසන්ති (8682) පරීක්‍ෂණ මෙහෙයවූහ.

Gossip Lanka Hot News Previous News Archive