බුදුරජාණන් වහන්සේගේ රූපය සිරුර පුරා පච්චයක් ලෙස කොටාගෙන සිටි බි්රතාන්ය ජාතිකයෙකු ආගමන හා විගමන නිලධාරීන් විසින් ශ්රී ලංකාවට ඇතුළු වීමට නොදී ආපසු හරවා යැවුණා. බි්රතාන්යයේ සිට ඊයේ දහවල් ශ්රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් එම බි්රතාන්ය ජාතිකයා ගුවන්තොටුපොළට පැමිණ තිබේ .
බුදුරජාණන් වහන්සේගේ රූපය සිරුර පුරා පච්චයක් ලෙස කොටාගෙන සිටින්නේ මන්දැයි ආගමන හා විගමන නිලධාරීන් ඔහුගෙන් ප්රශ්න කර තිබෙනවා. ඊට පිළිතුරු දෙමින් ඔහු ප්රකාශ කර තිබෙන්නේ අභිමත ඕනෑම දෙයක් කිරීමට බි්රතාන්යයෙහි නිදහස තිබෙන බවයි. එහෙත් බුදුරජාණන් වහන්සේගේ රූපය සිරුර පුරා කොටාගෙන සිටීම ශ්රී ලංකාවට නොගැළපෙන බවත් ඒ නිසා ශ්රී ලංකාවට ඇතුළු වීමට ඔහුට අවසර දිය නොහැකි බවත් ආගමන හා විගමන නිලධාරීන් ප්රකාශ කර තිබෙනවා.