රජය ඉන්ධන සහනාධාරයක් ලබා නො දුන්නත් මගී ජනතාව වෙනුවෙන් පාඩු පිට හෝ බස් ධාවනය කරන බවත් දකුණු පළාතේ පෞද්ගලික බස් ගාස්තු වැඩි නො කරන බවත් දකුණු පළාත් පෞද්ගලික බස් රථ ආයෝජක සමාගම් සම්මේලනයේ සභාපති ජී. චන්දන සොයිසා මහතා පැවැසීය.
සීමාසහිත මාතර මගී ප්රවාහන සමාගමේ මාතර කොටුවේගොඩ ප්රධාන කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡවක දී ඔහු එසේ ප්රකාශ කළ අතර දකුණු පළාතේ පෞද්ගලික බස් සමාගම් හා සංගම් ඊට එකඟතාව පළ කළේ ය.
ඒ අනුව යම් හෙයකින් බස් ගාස්තු වැඩි කර එය ක්රියාත්මක කරන්නැයි බල කළහොත් මගීන් සමඟ එකතු වී ප්රවාහන අමාත්යංශය ඉදිරිපිට අඛණ්ඩ උපාවසයක් ආරම්භ කරන බව ද චන්දන සොයිසා මහතා පැවැසීය.
ඔහු පැවැසුවේ තම තීරණය ක්රියාත්මක කිරීම සඳහා අනෙකුත් පළාත්වල බස් සංගම්වල ද සහයෝගය ලබා ගැනීමට ක්රියා කරගෙන යන බවයි.
අම්බලන්ගොඩ ඇපයෙන් සීමිත පෞද්ගලික බස් සමාගම, අම්බලන්ගොඩ සීමාසහිත මගී ප්රවාහන සමාගම, ගාල්ල දිස්ත්රික් පෞද්ගලික බස් රථ ආයෝජකයින්ගේ සමාගම, ගාල්ල මගී ප්රවාහන සමාගම, සීමාසහිත මාතර මගී ප්රවාහන සමාගම හම්බන්තොට දිස්ත්රික් පෞද්ගලික බස් රථ ආයෝජනකයින්ගේ සංගමය ආදී දකුණු පළාතේ ඇති බස් සංගම් හා සමාගම් සියල්ල ම අදාළ තීරණය ක්රියාත්මක කිරීමට දකුණු පළාත් බස් රථ ආයෝජක සමාගම් සම්මේලනය වෙත එකඟතාව පළ කර තිබේ.