සාම්ප්රදායික මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්කරමින් අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් විසින් ඇති කරන ලද 'හලාල්' ප්රශ්නය නිසා සිංහල ජාතිය අවදිකර ගැනීමේ ස්වර්ණමය අවස්ථාව අපට උදාවුණායි බොදුබල සේනා සංවිධානයේ ජාතික ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවැසූහ.
අද (25දා) ඔවුන් රට පුරා හර්තාලයක් කිරීමට සූදානම් බවට තොරතුරු ලැබෙනවා. එමඟින් ඔවුන් අපට තවත් ස්වර්ණමය අවස්ථාවක් ලබා දෙනවා. අප්පුහාමිගේ කඩේ කියා නම තිබුණාට ඒක අයිතිය අප්පුහාමිට නොවෙයි. සේවකයොත් සිංහල අය නොවෙයි. ඒ නිසා අපට අපහසුවක් තියෙනවා කාගෙද මේ කඩවල අයිතිය කියා දැනගන්න. නමුත් අද දින ඔවුන් කඩ වසා හර්තාල් කළහොත් විවිධ නම්වලින් පවත්වාගෙන යන ඒ කඩ අයිති කාටද කියල දැන ගන්න එමඟින් අපට හැකි වෙනවා. අන්න ඒ නිසා අපිට එය දැන ගැනීමේ ස්වර්ණමය අවස්ථාවක් උදා වෙනවා යැයි ඤාණසාර හිමියෝ පැවැසූහ.උන්වහන්සේ එසේ පැවැසුවේ ඉංගිරිය හා හොරණ පැවැති බොදුබල සේනා සංවිධානයේ ජනහමු අමතමිනි. තවදුරටත් කතා කළ ඤාණසාර හිමියෝ මෙසේද පැවැසූහ.
අද මේ සේනාවට හැමෝම බයවෙලා කියා අපට ආරංචියි. කිසිම අයෙක් බිය විය යුතු නෑ. අපි කතා කරන්නේ ජාතිවාදය නොවෙයි. අපේ ප්රශ්න අපේ ගෙදර ප්රශ්න අපි අපේ ගෙදර කතා නොකර කොහේ ගිහින් කතා කරන්නද? මම පැහැදිලිව කියනවා අපි අබමල් රේණුවකින් තරම්වත් කාටවත් හිරිහැර කර නෑ. ඒ නිසා කවුරුවත් බිය විය යුතු නෑ. ඒ නිසා රට ජාතිය හමුවේ ඇතිවී තිබෙන අවදානම තේරුම්ගෙන සියලු දෙනා බියෙන් සැකෙන් තොරව අප හා එක්වන්න යැයි ඉල්ලා සිටිනවා.බොදුබල සේනා සංවිධානයේ නායක හිමිවරුන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙයට සහභාගි වූහ.