දිල්ලි අගනුවර බස් රථයකදී වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කොට මරා දමනු ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි එක් සැක කරුවෙක් බන්ධනාගාරය තුළදී සියදිවි හානිකර ගෙන ඇතැයි ඉන්දීය පොලිසිය පවසයි.එහෙත් ඔහු යහපත් මානසික සෞඛ්‍යයකින් පසු වුන අතර ඔහුට සියදිවි හානිකර ගැනීමට හේතුවක් නොතිබූ බවයි, රාම් සිං නම් එම සැකකරුගේ නීතිවේදියා මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසන්නේ.
දූෂණය කොට මරා දැමුණ විසිතුන් හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව ගමන් ගනිමින් සිටි බස් රථය පදවා ඇත්තේ රාම් සිං විසින්.පසුගිය දෙසැම්බර් මාසයේ සිදු කෙරුන එම අපරාධය ඉන්දියාවේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් මහජන හෙළා දැකීමට ලක්විය.ඉන්දියාවේ ස්වදේශ කටයුතු භාර ඇමැති සුෂි කුමාර් ෂින්දේ ප්‍රකාශයක් කරමින්, සිරගෙවල් තුළ පවතින දරුණු අනාරක්ෂිතභාවය පෙන්නුම් කෙරෙන්නක් හැටියට රාම් සිංගේ මරණය විග්රහ කළේය.රාම් සිං ඔහුත් ඇතුළුව සැකකරුවන් තුන් දෙනකු රඳවා සිටි සිරමැදිරිය තුළ ඇඳ ඇතිරිල්ලක් යොදාගෙන එල්ලී සියදිවි හානිකර ගෙන ඇතැයි බන්ධනාගාර නිලධාරීහු පවසති.