Pages

ශ්‍රී ලංකාව එරෙහි ජිනීවා යෝජනාව වැඩි ජන්දෙන් සම්මමතයි

එක්සත් ජාතීන්ගේ ජනීවා මානව හමිමිතම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත විය.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 25ක්, විපක්‍ෂව ඡන්ද 13ක් ලැබණු අතර රටවල් 8ක් ඡන්දය භාවිතා කිරීමේ වැලකී සිටියහ.
වෙනිසියුලාව, කොංගෝව, පාකිස්තානය, ඉක්වදෝරය, ඉන්දුනීසියාව, උගන්ඩාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, මොරිටේනියා, පිලිපීනය, තායිලන්තය හා උගන්ඩාව යන රටවල් ශ‍්‍රී ලංකාවට පක්‍ෂව ඡන්දය පාවිච්චි කලේය.
එක්සත් ජනපදය, ජර්මනි, අයර්ලන්තය, ඉතාලි, ස්පාඤ්ඤය, ස්විස්ටර්ලන්තය, බෙනින්, කොස්ටරිකා අයිවරි, ලිබියාව, සියරා ලියෝන්, ඉන්දියාව, කොරියාව, චිලි, පේරු, ඔස්ට්‍රියා, චෙක් ජනරජය, එස්තෝනියාව, මොන්ටිනෙග්‍රෝ, පෝලන්තය, ආර්ජන්ටිනාව, බ්‍රසීලය, රුමෙනියාව, ගෝතමාලාව, මෝල්ඩෝවා ජනරජය යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්හ.
චීනයට සහ රුසියාවට මෙවර සැසිවාරයේ ඡන්ද බලය හිමි නොවූවද ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ප‍්‍රබල ලෙස පෙනී සිටියේය.අද දිනයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන මෙවැනි යෝජනාවලියක් හෙට දිනයේ අසාධාරණ ලෙස තවත් රටකට එරෙහිව ඉදිරිපත් කිරීමේ අවධානමක් ද පවතින බවත්, යෝජනාවලිය හරහා එහි නිර්මාතෘන්ගේ දෙබිඩි පිළිවෙත යළි ප්‍රදර්ශනය කර ඇති සමුළුව අමතමින් ශ්‍රි ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පැවසීය.

**
ඇමරිකාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවේ සංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේය.
යෝජනාවේ තේමාව: ශ්‍රී ලන්කාවේ සන්සිඳියාවේ සහ වගකීමේ දිරිගැන්වීම.
“එක්සත් ජාතීන්ගේ (එ ජා) ප‍්‍රතිපත්තිවලට, අධිකාරීබලයට අවනතව;  අන්තර් ජාතික මානව හිමිකන් ගිවිසුම් ප‍්‍රකාරව;
සියලු ආන්ඩු/රාජ්‍යයන් විසින් තම පාලනයට යටත් සියලු වැසියන්ගේ මානව හිමිකම්  සහ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවටත්, යම් ත්‍රස්තවාදී සටනකදී, අන්තර්ජාතික නීතියට, අන්තර්ජාතික මානව හිමිකම් රැකීමේ නීතියට, අන්තර්ජාතික සරනාගතයන්ගේ නීතිවලට යටත්ව ක්‍රියා කිරීමට එම රාජ්යයන් බැඳී සිටින බවටත්, ශ්‍රී ලන්කා ආන්ඩුව 2013නේ සැත්තැම්බර් මාසයේදී උතුරු පලාත් සභා චන්දය පවත්වන බවට දී ඇති සහතිකය අගය කරමින්,
ශ්‍රී ලන්කා ආන්ඩුව ලබා ඇති යටිතල පහසුකම්, බෝම්බ නිශ්ක්‍රිය කිරීම්, නැවත පදින්චි කරවීම් වල දියුණුව අගය කරනමුත් අධිකරන, සන්සිඳියා හා ජන ජීවිතය නැවත නඟා සිටුවේමේදී අනිවාර්ය වූ පලාත්වාසීන්, සුලුජාතිකයන් සහ සිවිල් සන්විධාන වල සහභාගිත්වයේ විශාල අඩුවක් දකිනට ලැබෙන බව පුනාවර්ජනය කල යුතුය.
LLRC කොමිසමේ යෝජනා සහ නිශ්චය කිරීම් සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ ජාතික සැලැසුමේ කියවෙන පරිදි ජාතීන් අතර සන්සිඳියාවට ලබා ගත හැකි දායකත්වය හුවා දක්වන නමුත් එම සැලසුම මගින් LLRC කොමිසමේ සඳහන් සියලු කාරනා වලට පිලිතුරු දී නැති බව සඳහන් කරමින්,
එම වාර්තාව අඩන්ගු අති විශාල පැමිණිලි රාශියකින් පෙන්නුම් කරන සාවද්ය මනුෂ්ය ඝාතන, අතුරුදහන් කිරීම්, උතුරේ ඇති මිලිටරීකරනය, පාරදුශ්යභාවයකින් තොර ඉඩම් පැවරීම්, පාරදුශ්යභාවයකින් තොර රඳවා ගැනීම්, සිවිල් සන්විධාන බල රහිත කිරීම්, පලාත්සභා බලය නොබෙදීම් සහ නීතියේ පාරිශුද්යභාවය නැති කිරීම් වැනි කරුනු නොසලකා හැර ඇති බව මතක් කරමින්,
තව දුරටත් සිදු වෙමින් පවතින මානව හිමිකන් කඩ කිරීම්, අතුරුදහන් කිරීම්, අධිකරන ක්‍රියාවලියකින් තොරව සිදුකරන මනුෂ්ය ඝාතන, බලවත් වධදීම්, අදහස් පලකිරීමේ අයිතීන් උදුරා ගැනීම්, සාමදානව රැස්වීමට ඇති බාධා කිරීම්, මානව හිමිකම් රකින්නන්ට එරෙහිව කරන භය ගැන්වීම්, සිවිල් වැසියන් සහ මාද්යවේදීන්ට කරන බිය ගැන්වීම් සහ ආගම්වාදීව කරන හින්සා ගැන සන්වේදී වෙමින්,
ශ්‍රී ලන්කා රජයට අප දන්වා සිටින්නේ, නොපමාවම බලය බෙදා හැරීම්, මහජනතාවට තම වගකීම් ඉටුකිරීම් වැනි කාරයන්ව්ල නිරත වෙමින් ජාතීන් අතර සන්සිඳියාවට මාර්ගය විවුර්ත කරමින් සියලු වැසියන්ට මානව හිමිකන් භුක්ති විඳීමට අවස්තාව සලසා දෙන ලෙසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ පිරිසකට රට තුල පිරීක්සීමට ඉඩ දීමත්,
මානව හිමිකම් කාර්යාල සමග ඇති සන්වාදය දියුනු කිරීම ගැනත් ශ්‍රී ලන්කා රජයට ඉස්තූතිය පල කරමින්, එකසත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්ගේ ඉල්ලීම අනුව මානව හිමිකම් කඩ කිරීම් චෝදනා පරීක්ශා කිරීමට විශ්වාසනීය, ස්වාධීන අන්තර්ජාතික කොමිසමක් පත් කරන මෙන් ඇති ඉල්ලීම සලකා බලමින්;
(1) මානව හිමිකන් මහ කොමසාරිස්ගේ වාර්තාවෙන් කියැවෙන ‘සත්‍ය සොයන’ යාන්ත‍්‍රණය සහ එම වාර්තාවේ ඇති අනිකුත් යෝජනා අගය කරමින්,
(2)  ඉහත වාර්තාවේ ඇති යෝජනා ක්‍රියාත්මක කරන මෙන් ලන්කා රජය දිරිමත් කර,ඒ සඳහා ස්වාධීන පරීක්ශනයක ඇති වටිනාකම කියමින්,
(3)  LLRC කොමිසමේ ඇති යෝජනා ක්‍රියාත්මක කර, එයට අවශ්ය නීතිමය පසුබිම සකසා දීමෙන් නීතිය, සමානාත්මභාවය හා වගකීම තව දුරටත් සහතික කල හැකි බව පෙන්වමින්,
(4)  අන්තර්ජාතිකව පිලිගත්, ස්වාදීන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකන් කවුන්සලයට අනුබද්ධ, මානව හිමිකන් පිලිබන්ද විශේෂිත පුද්ගලයන් සමග සහයෝගයෙන් වැඩ කර, ඔවුන්ට රට තුලට ඒමට ඇති බාධක ඉවත් කිරීමට දිරි ගන්වමින්,
(5)  එවන් පුද්ගලයන් සහ ලන්කා ආන්ඩුව එක්ව ඉහත සඳහන් උපදෙස් ක්‍රියාත්මකකර ගන්නා මෙන් දිරි ගන්වමින්,
(6) එවන් පුද්ගලයකුගේ සහය ඇතුව වාචික වාර්තාවක් මානව හිමිකන් කවුන්සලයේ 24 වැනි සැසියට ඉදිරිපත් කරන ලෙසටත්, සවිස්තර වාර්තාවක් එහි 25 වැනි සැසියට ඉදිරිපත් කරන ලෙසටත් මෙම යෝජනාවෙන් ඉල්ලා සිටිමු”