Pages

ඉන්දීය රජය දෙදරයි- කරුණානිධි ඉවත් වෙයි

ශ්‍රි ලංකා රජයට එරෙහිව කටයුතු නොකිරීම පිලිබදව ඉන්දීය රජයට චෝදනා නගමින් එම් කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ මුන්නෙත්‍ර කලහම් පක්සය ඉන්දීය සන්ධාන රජයෙන් ඉවත් වෙයි.
මීට සුළු මොහොතකට පෙර එම පක්ෂයේ ප්‍රධානී එම් කරුණානිධි මහතා මේ බව නිල වශයෙන් නිවේදනය කලේය.මේ අනුව ඉන්දීය රජයේ අමත්‍යධුර දරන පස් දෙනෙක් තවත් මොහොතකින් ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙන බව කරුණානිධි මහතා සදහන් කර තිබේ.

මේ පිලිබදව මධ්‍යස්ථව කටයුතු කිරීම ඉන්දීය මධ්‍යම රජයේ අපේක්ෂාව බව කරුණානිධි මහතා පෙන්වා දෙයි.නමුත් ශ්‍රිලංකාවේ පැවතියේ දමිළ ජනයා සමුල ඝාතනය කිරීමේ යුද්ධයක් බැවින් ඊට තරයේ විරුද්ධ විය යුතු බවත් ඇමරිකානු යොජනා වලට සහය දැකවිය යුතු බවත් කරුනානිධි මහතා පෙන්වා දෙයි.

මෙ අනුව ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයට අයත් ආසන 18ක් කොංග්‍රස් සන්ධානයට අහිමිවන අතර ඒ අනුව පාලක කොංග්‍රස් සන්ධානය ලෝක් සභාව තුළ සුළුතරය පවට පත්ව ඇතියි ඉන්දිය වාර්තා කියයි.මේ පිලිබදව ඉන්දීය මාධ්‍ය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධිගෙන් කල විමසීමකදී ඇය කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පවසා අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.