"සාමකාමී විරෝධතාකරුවන් රඳවා තබා ගැනීම පිළිබඳ අමෙරිකාවේ විමතිය" යන සිරස්තලය යටතේ නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකා තානාපති කාර්යාලය මේ ඉල්ලීම කරන්නේ අතුරුදන් වූවන්ගේ පවුල්වල අය සිය ගණනක් කොළඹට පැමිණි පා ගමනක් ශ්රී ලංකා බලධාරීන් විසින් වවුනියාවේදී නැවැත්වීම සම්බන්ධයෙන් තම අවධානය යොමු කරවමිනි.
අමෙරිකා තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය මෙසේයි.
අතුරුදන්වූවන්ගේ පවුල්වල අය සිය ගණනක් කොළඹ වෙත පැමිණි ගමනක් ශ්රී ලංකා බලධාරීන් විසින් වවුනියාවේදී නැවතූ බව සඳහන් ආරංචියක් වෙත අමෙරිකානු තානාපති කාර්යාලයේ අවධානය යොමු වී ඇත. මොවුන් ඉල්ලා සිටිනුයේ අතුරුදන් වී ඇති සිය ආදරණීයන් පිළිබඳ තොරතුරුයි. මේ රට වැසියන්ගේ නිදහස් ගමන් සඳහා අවසර දෙන ලෙස අමෙරිකානු තානාපති කාර්යාලය ශ්රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම උව්ඩ්අඛ් යෝජනා මඟින් මෙවන් ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා අමෙරිකාව සිය අන්තර්ජාතික හවුල්කරුවන් සමඟ අර්ථකාරී ලෙස කටයුතු කරයි. අප ශ්රී ලංකා රජයෙන් නැවතත් ඉල්ලා සිටිනුයේ ශ්රී ලංකා රජය විසින්ම සිය ජනයා වෙත පොරොන්දු වූ උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ ක්රියාත්මක කරවීමයි. උගත් පාඩම් හා ප්රතිසංවිධාන කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇත්තේ අතුරුදන්වූවන් පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් හා දැනට රඳවා සිටින්නන් හා අතුරුදන්වූවන්ගේ ප්රශ්න පිළිබඳ යාන්ත්රණයක් ස්ථාපිත කිරීමයි. පසුගිය වසරේ උව්ඩ්අඛ් යෝජනාවලියේ සිට මේ දක්වා මෙම ප්රගතියේ අඩුපාඩු සහ අනෙකුත් මූලික ප්රජාතන්ත්රවාදී අයිතිය කඩවීම පිළිබඳ අමෙරිකාවේ බලවත් අවධානය යොමු වී ඇත. සියලුම ශ්රී ලාංකිකයන් සම අයිතිවාසිකම් හා ගෞරවය විඳිමින් ප්රජාතන්ත්රවාදී, ආරක්ෂා සහිත හා සමෘද්ධිමත් අනාගතයක හිමිකරුවන් විය යුතුවේ.