Pages

මහාචාර්ය සුචරිත ගම්ලත් අභාවප්‍රාප්ත වේ

මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අද (30) අළුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්තවිය.

පෙනහළු පිළිකාවක් වැලදී රෝගාතුරුව සිටි ඒ මහතා ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අද අළුයම 4.15ට පමණ මෙලෙස අභාවප්‍රාප්තවී තිබේ.
මෙරට විශ්ව විද්‍යාල ගණනාවක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළ ඒ මහතා, මිය යන විට 78 වන වියෙහි පසුවිය.ලාංකේය වාමාංශික දේශපාලනය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ ඒ මහතා මාක්ස්වාදී විචාරකයෙකු, ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා ක්ෂේත්‍රයන්හි ද හසළ නිපුණයෙකු විය.ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු පවසති.