සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු හා දෙවැනි තරගයට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත. එම සංචිතය ක්‍රීඩකයෝ 16 දෙනෙකුගෙන් සමන්විත වෙති.
කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා, දකුණත් පිතිකරු ඇන්ජලෝ පෙරේරා, තුන්ඉරියව් ක්‍රීඩකයින්වන කිත්රුවන් විතානගේ හා සචිත් පතිරණ මේ සංචිතය සදහා කැඳවීම විශේෂත්වයකි. එක්දින තරඟ 3 කින් සමන්විත මෙම තරඟාවලිය ලබන සෙනසුරාදා ආරම්භවීමට නියමිතය. ඇන්ජලෝ මැතිව්ස් විසින් එක්දින තරඟාවලියේද ශ්‍රී
ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර උප නායකයා වශයෙන් දිනේෂ් චන්දිමාල් කටයුතු කිරීමට නියමිතය. රංගන හේරත් එක්දින සංචිතයට නම් කර නොමැති අතර මහේල ජයවර්ධන ද ආබාධයක් හේතුවෙන් කණ්ඩායමට නම් කර නොමැත. ආරම්භක පිතිකරු ටී.එම්. දිල්ෂාන් ශරීර යෝග්‍යතා පරීක්ෂනයෙන් අනතුරුව කණ්ඩායමට කැඳවීම කෙරෙහි තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙන බවද පැවසේ.කඩුලු රකින ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා, දකුණත් පිතිකරු ඇන්ජලෝ පෙරේරා, තුන්ඉරියව් ක්‍රීඩකයින්වන කිත්රුවන් විතානගේ හා සචිත් පතිරණ මේ සංචිතය සදහා කැඳවීම විශේෂත්වයකි. එක්දින තරඟ 3 කින් සමන්විත මෙම තරඟාවලිය ලබන සෙනසුරාදා ආරම්භවීමට නියමිතය. ඇන්ජලෝ මැතිව්ස් විසින් එක්දින තරඟාවලියේද ශ්‍රී
ශ්‍රී ලංකා එක්දින සංචිතය මෙසේය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, කුමාර් සංගක්කාර, ටී.එම්.ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, නුවන් කුලසේකර, ජීවන් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, සචිත්ර සේනානායක, ලහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, කිත්රුවන් විතානගේ, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, ශමන් එරංග, සචිත් පතිරණ