Pages

මිත්තණිය එළියට ගිය ටිකට දැරිය කැලේට රැගෙන ගොස් කෙලෙසලා !

අවුරුදු නවයක දැරියක නිදි ඇඳෙන් රැගෙන ගොස් කෙලෙසූ බව කියන අවුරුදු විසි දෙකක තරුණයකු වැලිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු ගම්වාසීහු විශාල පිරිසක් වැලිගම පොලිසියට පැමිණ සැකකරුට දඬුවම් දීම පිණිස තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක නිරත වූහ.
සැකකරු පාරවල් දිගේ අරගෙන යෑමට තමන්ට ලබාදෙන ලෙසද උද්ඝෝෂකයෝ වැඩිදුරටත් ඉල්ලා සිටියහ.මේ අවස්ථාවේ ඔවුන් හමුවට පැමිණි වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනක දිසානායක මහතා තමන් නිවැරැදි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත්, දැරිය රෝහල්ගත කර සැකකරු වහාම මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කරන බවත් කියා සිටියේය.උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම පරිදි සැකකරු ඔවුන්ට ප්‍රදර්ශනය කළ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉදිරියේදීත් විනිවිදභාවයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව පැවැසීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.

සැකකරු දැරිය රැගෙන ගොස් ඇත්තේ අලුයම 1.00ට පමණ ඇය තම නිවෙසේ මිත්තණිය සමඟ නිදා සිටියදීය.මිත්තණිය අලුයම 1.00ට පමණ වතුර ගැනීමට කාමරයේ ‍ෙදාර විවෘත කර ළිඳට ගොස් ආපසු විත් බලන විට දැරිය නැති බව දැන විලාප නඟන්නට පටන් ගෙන ඇත. දැරියගේ මව හා පියාත් සොහොයුරන් දෙදෙනාත් වෙනත් කාමරයක නින්දේ පසුවී ඇත.
සැකකරු දැරිය නින්දෙන්ම වඩාගෙන රැගෙන යද්දී දැරිය කෑගසන්නට පටන් ගෙන ඇතත් ඔහු දැරියගේ මුව අතින් වසාගෙන කැලයකට රැගෙන ගොස් කෙලෙසා පාරට රැගෙනවිත් එහි දමා පලා ගොස් ඇත.කොළඹ පොලිස් හදිසි ඇමැතුම් එ්කකයට ගම්වාසීන් ලබාදී තිබූ දුරකතන ඇමැතුමක් අනුව සිද්ධිය පිළිබඳ දැනුම්වත් වූ වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක සේනක දිසානායක මහතා ලබාදුන් උපදෙස් අනුව උපපොලිස් පරීක්ෂක ගුණතිලක, පොලිස් කොස්තාපල් විජේසිරි (35240) මහත්වරුන් විසින් දැරිය සොයාගෙන සැකකරුද අත්අඩංගුවට ගන්නා ලදී.

දැරිය ප්‍රදේශයේ පාසලක 5 වැනි ශේ‍ර්ණිය ඉගෙනුම ලබන්නීය. ඇය මේ වනවිට වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල් ගත කර ඇත.