ශ්‍රී ලාංකික බෞද්ධ හිමිනමකට ඉන්දියාවේ තන්ජවූර් මහාවිහාරයේ දී දෙමළ ජාතික පිරිසක් විසින් පහර දී තිබේ. ඊයේ මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ පත්බේරියේ ඥනාලෝක ස්වාමීන් වහන්සේ ය. උන්වහන්සේ ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටිති. ස්වාමීන් වහන්සේට පහර දුන් පිරිස ගල්වලින් ද හිමිනමට පහර දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
46 හැවිරිදි උන්වහන්සේ වසර එකහමාරක ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ ආයතනයේ ඉගෙනුම ලබමින් සිටිති.
මේ අතර මෙරට හිමිනමක ඇතුළු විදේශිකයන් පිරිසකට ඉන්දියාවේ දී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එරට සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.මේ පිළිබඳ කඩිනම් පියවර ගන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඉන්දීය රජය වෙත දැනුම් දී ඇත. මෙවැනි ක්‍රියාවන් සිදුවීම කනගාටුදායක බවත් යළි මෙවැනි දේ සිදුනොවීමට පියවර ගන්නා ලෙසත් මෙරට විදේශ අමාත්‍යාංශය මගින් ඉන්දීය රජයට පවසා තිබේ.Buddhist Monk Under Attack in Thanjavur