Pages

කරුණානිධිගේ ඞී.එම්.කේ. දෙදරයි

ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් විරෝධ ආකල්පයක සිටින තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය එම්. කරුණානිධි මහතාගේ ඞී.එම්.කේ. පක්ෂයේ දෙදරා යාමක් සිදුව තිබෙනවා.මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍ය ධූරවලින් ඉවත් වීමට ඉකුත්දා ගැනුණු තීරණයට කරුණානිධි මහතාගේ පුතණුවන් වන එම්.කේ. අලගිරි මහතා අකමැත්ත පළ කිරීම ඊට හේතුවයි.

පවතින මතභේද සමනය කිරීමේ සහ ඉදිරි ක‍්‍රියාමාර්ග තීරණය කිරීමේ අපේක්ෂාවෙන් ඞී.එම්.කේ. පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැන් රැස්වී සිටිනවා. එහෙත්, එම්.කේ. අලගිරි මහතා එම රැස්වීමටද පැමිණ නොමැති බවයි ඉන්දියාවේ සී නිවුස් වෙබ් අඩවිය පවසන්නේ.එම්. කේ. අලගිරි මහතාද මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළා. ඔහුද ඇතුළුව මධ්‍යම ආණ්ඩුවේ සිය අමාත්‍යවරුන් සියලූදෙනා එම ධූරයන්ගෙන් ඉවත් විය යුතු බවට ඞී.එම්.කේ. පක්ෂය තීරණය කළේ ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීම ප‍්‍රමාණවත් නොවන බව පවසමින්.

එහෙත්, එකී තීරණය නිවැරදි නොවන බව එම්.කේ. අලගිරි මහතාගේ අදහසයි. මධ්‍යම ආණ්ඩුවේ ප‍්‍රධාන පාර්ශවකරු වන ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ සාමාජිකයන් සමඟ තමන් තවදුරටත් හිතවත්කම් පවත්වා ගන්නා බවදඑම හිතවත්කම් පළුදු වීමට කිසිසේත් ඉඩ නොදෙන බවද ඒ මහතා කියා සිටියා.